Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
අනුරාධපුර රුවන්වැලි සෑයේ සිදුකරන ප්‍රතිසංස්කරණයන්ට සාපේක්ෂව චෛත්‍ය රාජයාණන් වෙනුවෙන් අලුත් චූඩා මාණික්‍යයක් පැළදවීමේ මහා පිංකමක් සංවිධානය කර ඇති බව අටමස්ථානාධිපති පල්ලේගම සිරිසුමන මහා නාහිමියෝ පවසති.
මෙම උතුම් පිංකම කිසිම දේශපාලන මැදිහත්වීමකින් තොරව සිදුකරන බවත් උන් වහන්සේ පවසති. මැණික් ගල් 4300ක් මෙන්ම රත්රන් කිලෝ 28ක් යොදාගමින් චූඩා මාණික්‍ය සහිත පාදම සකස් කර ඇති බවද උන් වහන්සේ සඳහන් කරති.
popular news
Champa Friday, 01 November 2019 09:47 AM
ඔන්න බළලා මල්ලෙන් එලියට පැන්න. මිනිස්සු මුල ඉදන්ම දැන ගත්ත මේ ප්‍රතිසංස්කරණ කතාව අමූලික බොරුවක්. මේක කරන්නේ රුවන්මැලිසෑයේ තියෙන චූඩාමාණික්‍යය ගලවන්න කියල. දැන් නියම පලිඟු චූඩා මාණික්‍යය ගලවල එතන හයි කරන්න යන්නේ imitation චූඩා මාණික්‍යයක්. මේ විශ්ව පාරමී පදනම හාමුදුරුවන්ව හොඳට අන්දලා තියෙනවා. Swarovski crystal කියන්නේ නියම පලිඟු නෙමෙයි. ඒවාට මුළු ලෝකයම කියන්නේ imitation diamond කියල. දැන් මේ කරන්න හදන්නේ රුවන්මැලිසෑයේ තිබ්බ නියම පලිඟුව අයින් කරලා imitation පලිඟුවක් එතන සවි කරන්න. නියම පලිඟුව තියෙන්නේ ඕනේ කොත් කැරැල්ලේ මිසක් බිම නෙමෙයි. ඔය පෙන්නලා තියෙන්නේ බොහොම සුළු හානියක්. ඕක හදන්න පුළුවන්. මේ මැණික් ගල් සහ රත්තරන් මෙච්චර ගානක් ඇල්ලුවා කියන්නේ මේ ගලවන නියම චූඩා මානික්‍යයේ වටිනාකම ඊට වඩා ලක්ෂ ගුණයක් වැඩි බව දන්නා නිසා. මේ වැඩේ නතර කරන්න ඕනේ. නතර වෙන්න ඕනේ. නායක හාමුදුරුවරු දේශපාලනයෙන් අන්ධ වෙලා නිසා මේවා පේන්නේ නැහැ. සිංහල බෞද්ධ ජනතාව මේක නවත්තන්න ප්‍රබල බලපෑමක් කරන්න ඕනේ. මේවා කරන මිනිස්සුන්ට නෙමෙයි රුවන්මැලිසෑය ආරක්ෂා කරන දෙයිවරුන්ටයි හෙණ වදින්න ඕනේ තමන්ගේ රජකකාරිය හරියට නොකෙරුවාට.
Reply : 23 83
Hema Friday, 01 November 2019 11:48 AM
චම්පා, දිය බේසමේ කිබුල්ලු දකින්න එපා, මේක සත්ක්රියාවක් බොරු විවේචන කරලා මහා ජනයා නොමග යවල පව් පුරවගන්න එපා. ඔබ හැම වෙලේම කොමෙන්ට් කරන්න පාට කන්නාඩියකින් බලල.
Reply : 13 0
Champa Monday, 04 November 2019 12:14 PM
Hema මම 2015 පෙබරවාරි ඉඳන් comments ලියනවා. ඔබේ comment එකක් දැක්කේ අද විතරයි. මගේ හැම comment එකකටම මම පැහැදිලි හේතු දීල තියෙනවා. රටට එරෙහි හැම දේටම මම විරෝධය පාල තියෙනවා වගේම හොඳ හැම දේකටම හොඳයි කියලත් ලියල තියෙනව. දේශපාලකයන් හෝ ඔවුන්ගේ හෙන්චයියන්ට වඩා මම රට වෙනුවෙන් කතා කරලා තියෙනවා. ඒ හින්ද ඔබට හෝ වෙන කෙනෙකුට ඕනේ විදිහට මම ලියන්නේ නැහැ. මම ලියන්නේ මගේම ස්වාධීන අදහස්.
0 2
Champa Saturday, 02 November 2019 01:19 PM
මෙතන යන්නේ වෙන සෙල්ලමක්. මේකේ පාදමත් ගලවනවලු. මේකේ ඔක්කොම කොන්ත්‍රාත්තු දීල තියෙන්නේ විදේශ සමාගම් වලට. මේකට පින්කමක් කියන්නේ කොහොමද? මේක හොර වැඩක්. අනිත් එක මෙතන භාවිතා කරලා තියෙන්නේ යකඩ පලංචි (scaffolding). කිසි සැලකිල්ලක් නැතුව මේවා චෛත්‍යයට හේත්තු කරලා තියෙනවා. රුවන්මැලිසෑය නායක හාමුදුරුවරුන්ට විතරක් අයිති වස්තුවක් නෙමෙයි. මුළු රටටම අයිති වස්තුවක්. හාමුදුරුවරුන්ට පේන්නේ නැහැ මෙතන කොන්ත්‍රාත්කාරයෝ කරන්නේ මොකක්ද කියල. පැත්තක ඉඳන් බලන් ඉන්න අපිට පේනවා මොකොද වෙන්නේ කියලා. රුවන්මැලිසෑය දැනටමත් හානි වෙලා තියෙනවා නම් මේ විදිහට scaffolding දැම්මේ කාගේ උවමනාවටද කියල බලන්න වෙනවා. අනිත් එක මේ නිවේදනයේ තියෙන විදිහට, තත්ත්ව පරීක්ෂාව කරලා තියෙන්නේත් විශ්ව පාරමී පදනම. මේකේ කොන්ත්‍රාත්තුව බාර වෙලා තියෙන්නෙත් විශ්ව පාරමී පදනමට. දැන් තියෙන චූඩාමාණික්‍යය අයින් කරලා අලුත් චූඩාමානික්යයක් නිර්දේශ කරන්නෙත් විශ්ව පාරමී පදනම. ඊළඟට ඒ අලුත් චූඩාමාණික්‍යය ගන්න ඕනේ තැන කියන්නෙත් විශ්ව පාරමී පදනම. කවදාවත් මෙහෙම වෙන්න බැහැ. මේ කාරණා 4 බාර දෙන්න ඕනේ ආයතන 4 කට. මේ හදිසියේ මේක කරන්නේ ගෙදර යන දේශපාලකයෙක් වෙනුවෙන්.
Reply : 0 3
හෙළයෝ . Sunday, 03 November 2019 01:06 PM
ලංකාවේ කරන්න යන මිල කල නොහැකි පුරාවස්තු කොල්ලය..
Reply : 0 5
චරිත Tuesday, 05 November 2019 05:17 AM
මෙතන තියෙන්නේ අලි ජාවාරමක් විතරය්. එක්තරා බටහිර රටක් විශ්ව ශක්තිය ගැන කරන පරීක්ෂණයක මුවාවෙන් චුඩා මාණික්‍යය සොරකම් කිරීම පමණය්. මෙයට සම්බන්ද සියලු දෙනාටම බරපතල දඩුවම් දිය යුතුය්.
Reply : 0 3
rajitha, Tuesday, 05 November 2019 05:16 PM
නිකන් පව් පුරවගන්න එපා,කව්රු මොනවා කලත්,වැරද්දක් වෙලා තිබ්බොත් දිට්ටදම්ම වේදනීය කර්මය ඔවුන් පසු පස ලුහු බදිනවා .එහෙම වෙනවා,
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd