පොලිස් මූල්‍ය අපරාධ කෝට්ඨාසයේ හිටපු අධ්යක්ෂ රවී විද්‍යාලංකාර මහතා පිළිබඳව කරන විමර්ශනවලට අදාළව මැතිවරණ කොමිෂන් සභාව කිසිම උපදේශයක් පොලිස් මූලස්ථානයට යොමුකර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
රවී විද්‍යාලංකාර මහතාගේ බිරිඳ හා ඔහුගේ පුතා පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට කැඳවීම සම්බන්ධයෙන් වාර්තා වූ තොරතුරුවලට ප්‍රතිචාර දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පවසයි.