ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් රෝයල් පාර්ක් ඝාතනයේ වරදකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධව ආණ්ඩු පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ අද (11දා) පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක යන මහත්වරු ජනාධිපතිවරයාගේ ක්‍රියාව විවේචනය කරමින් අදහස් පළ කළහ.
අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ, යම් චූදිතයෙකුට ජනාධිපති සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු ක්‍රියා පිළිවෙළ මෙහිදී අනුගමනය කළේද කියා ජනාධිපතිවරයා ප්‍රකාශ කළ යුතු බවයි.
එසේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී පත්වන ජනාධිපතිවරුන්ට වැරදි ආදර්ශයක් ලබාදී තිබෙන බව බිමල් රත්නායක මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය හෑල්ලු කරමින් ජනාධිපතිවරයා ගෙන ඇති මෙම තීරණය හේතුවෙන් ලෝකය තුළ අප රට හුදකලා කර තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ජනාධිපතිවරයා මෙම චූදිතයා නිදහස් කිරීමට තීරණයක් ගනු ලැබූයේ ඥාති සබඳතාවක්ද, මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක්ද, මුදල් ලැබුණු නිසාද කියා රට හමුවේ පැවසිය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.