රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිතට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සමාව දීමට ගත් තීරණය නීතිවිරෝධී, අසාධාරණ හා අයුක්තිසහගත සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නඩු විභාගයකින් අනතුරුව දෙන ලද දඬුවමක් රටේ ජනපතිවරයා විසින් එක් පෑන් පහරකින් කපා හැරීම රටේ නීතියේ අධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය හා නීතිය කෙරෙහි ජනතාව තුළ පවතින ගරුත්වය හා පිළිගැනීම අහෝසි කර දමන ඛේදජනක ක්‍රියාවක් බවද එම නිවේදනයේ දැක්වෙයි.