රයන්ගේ මෝටර් රථය හමුවෙයි
මාකඳුරේ මධූෂ් සමග ඩුබායි හිදි අත් අඩංගුවට පත් ප්රධාන රංගන ශිල්පි රයන් වැන්රොවන් භාවිතා කළ බව පැවැසෙන මෝටර් රථය ඊයේ (08දා) සවස වැලිගම මිරිස්ස ප්රදේශයේ සංචාරක නිකේනයක තිබියදි වැලිගම පොලීසිය මගින් සොයා ගෙන ඇත.
මෙම මෝටර් රථය හමුවු සංචාරක නිකේතනයේ හිමිකරු වන්නේ අමිල ප්රසංග හෙට්ටිහේවා නොහොත් මදුෂ් සමඟ සිටියදි ඩුබායි පොලිස් විසින් අත්අඩංගුවට ගත් සුරන්ජි සුද්දා නැමැත්තාගේය.
රංගන ශිල්පි රයන් වැන් රොවන් විදේශ ගත විමට පෙර , දින කිහිපයක සිට සුරන්ජි සුද්දාට අයත් මෙම හෝටලයේ නැවති සිට දෙදෙනා හා එක්ව විදේශ ගත වී ඇති බව පොලීසිය සිදු කළ මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.
මෝටර් රථයේ තිබි කේරල ගංජා මිලිග්රම් 5,750 ක ප්රමාණයක් සොයා ගෙන ඇත.
මෙම මෝටර් රථය උස්වැටකෙයියාව ප්රදේශයේ පදිංචි කාන්තාවකගේ නම ලියාපදිංචි කර ඇත.
popular news
-
Kumar Saturday, 09 February 2019 09:20 PM
ඇමෙරිකාවේ California ප්රන්තේ ගංජා නීතිවිරෝධී නැත. ගංජා glocoma වැනි අසනීපවලට හොඳ බව පිළිගෙන ඇත. Californiaව ලංකාව මෙන් 16 ගුණයක් ප්රමාණයෙන් විශාලය.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
