හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතාගේ සහෝදරයෙක් වෙන රියජ් බද්යුදීන් මහතා පිළිබඳව නීතිපති විසින් යොමුකළ කරුණු 7ක් පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භකර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, සහකාර පොලිස් අධිකාරීවරයෙක් හා තවත් පොලිස් නිලධාරීන් 60ක් මෙම විමර්ශනයට එක්ව ඇති බවද ඔහු පැවැසීය.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ආරක්ෂක ලෙකම් කමල් ගුණරත්න මහතා හා වැඩබලන පොලිස්පතිවරාගේ උදෙස් අනුව මෙම විමර්ශන ආරම්භ කළ බවත් මේ පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වූ බවත් අජිත් රෝහණ මහතා පැවැසීය.
නීතිපතිවරයා සඳහන් කළ කරුණු 4ක් ගැන පොලිස් නිලධාරීන් 30කගෙන් යුත් එක් කණ්ඩායමක් හා අනෙක් කරුණු 3 පිළිබඳව පොලිස් නිලධාරීන් 30කගෙන් යුත් කණ්ඩායමක් විමර්ශන කරන බවත් ඔහු පැවැසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව පසුගිය අප්‍රේල් මාසයේ අත්අඩංගුවට ගත් රියාජ් බද්යුදීන් මහතා මාස 5 හමාරකට ආසන්න කාලයක් රඳවා තබා ගෙන විමර්ශනය කිරීමෙන් අනතුරුව පසුගිය මාසයේදී නිදහස් කරන ලදී.