2019 වසරේ ඉතාලියේ රෝම් නගරයේදි උපත ලැබු පළමු දරුවා වීමේ වාසනාව ශ්‍රි ලාංකික මාපිය යුවලකට දාව උපත ලැබු දරුවෙකුට හිමිව තිබේ .
ඊයේ (01) උදා වි අලුයම 12 යි තත්පර 10 කදි මෙලෙස ශ්‍රි ලාංකික දරුවා රෝම් නගරයේ සන් පිලිප්පෝ නේරි රෝහලේදි උපත ලබා තිබේ .
වසර ගණනාවක සිට ඉතාලියේ රෝම් නගරයේ සන් පියෙත්රො ප්‍රදේශයේ ජිවත්වන ප්‍රසාද් බණ්ඩාර හා මධුභාෂිණි යාපා යුවලට දාව ඉපදුණු මෙම දරුවාට ඉතාලියට ගෞරවයක් ලෙස ඉතලෝ බණ්ඩාර ලෙස නම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
රෝම් නගරයේ පළමු දරුවා ලෙස ඉතලෝ බණ්ඩාර දරුවා හා එම ලාංකික දෙමවුයන්ට සුභ පැතිමට රෝම් නගරාධිපතිනි වර්ජිනියා රෙජ්ජි මහත්මියද ඊයේ (01) උදැසන එම රෝහළට පැමිණ තිබේ .
ලංකාවේ හොරණ ප්‍රදේශයේ පදිංචි මෙම පවුල වසර කීපයක සිට රෝම් නගරයේ රැකියාව කරන බව වාර්තා වේ .
චන්දන ප්‍රනාන්දු