රුපියල් ලක්ෂ 35 අයිස් මත්ද්‍රව්‍ය සමග තිදෙනෙක් අත්අඩංගුවට
රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත පැවසීය
එම සැකකරුවන් සමඟ අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 395 පොලිස් බාරයට ගෙන ඇත
බම්බලපිටිය පොලිස් වසමේ දී හා කොළඹ කෙසෙල්වත්ත පොලිස් වසමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ස්ථානාධිපති වරයා පැවසීය
බම්බලපිටිය මුහුදු මාවතේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 සමග අත්අඩංගුවට අත් පුද්ගලයාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී සෙසු සැකකරුවන් තිදෙනා කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ජයන්ත මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
බිමල් ශ්‍යාමන් ජයසිංහ

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
