රජයේ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ගණනාවක් මාස එකහමාරකට අඩු කාලයකදී වැයකරන ලද රුපියල් කෝටි 2917කට වැඩි මුදලක් ඉල්ලා ආණ්ඩු පක්ෂය විසින් පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට අද (20) ඉදිරිපත් කළේය.
එම ආයතන විසින් මේ වසරේ ජුනි 01 සිට සිට ජූලි 15 දක්වා වැය ශීර්ෂ 240ක් යටතේ පුනරාවර්තන වියදම් රුපියල් 16,996,740,000ක් හා මූලධන වියදම් රුපියල් 12,177,831,000ක් වැයකර තිබෙන අතර එම මුදල් ප්රතිපූණනය කිරිම සඳහා පාර්ලිමේන්තුවේ අවසරය ඉල්ලා තිබේ.