වර්තමානය වන විට ශක්තිමත් ආණ්ඩුවක් පවතින හෙයින් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමට ඉඩ දීමේ අවශ්‍යතාවක් නොමැති බව විදුලිබල, බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණනායක මහතා පවසයි.
"අපි එක්සත් ජාතික පක්ෂය තුළ යහපාලනය ක්‍රියාත්මක කළා, අනිත් අය දේශපාලනය ක්‍රියාත්මක කළා. ඒ නිසා එක්සත් ජාතික පාක්ෂිකයන්ට ලබා දෙන්න තිබෙන ප්රතිලාභ ලබා දීමට නොහැකි වුණා.
ඔක්තෝබර් 26 වන දින ප්රජාතන්ත්රවාදයට කළු පැල්ලමක් ඇති වුණා. නමුත් මහජනතාවගේ ශක්තිය නිසා ව්‍යාජ ආණ්ඩුව පරදවා රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව නැවත පිහිටුවීමට හැකියාව ලැබුණා.
ඒ ලැබුණු අවස්ථාව ප්‍රයෝජනයට ගෙන මින් පෙර සිදු නොවු සංවර්ධනයක් සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම, අද රුපියල අවප්‍රමාණය වෙලා තිබෙනවා. අද ශක්තිමක් ආණ්ඩුවක් තිබියදී රුපියල අවප්‍රමාණය වීමට ඉඩ දිය යුතු නැහැ. මහජනතාවගේ ජීවන වියදම අවම කිරීම තමයි අපගේ වගකීම වන්නේ” යැයි ඔහු වැඩිදුරටත් පැවැසීය.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (28දා) පස්වරුවේ මට්ටක්කුලිය, සමිත්පුර ක්‍රීඩාංගණයේදී පැවති උත්සව අවස්ථාවකට සහභාගි වෙමිනි.