මියන්මාරයේ රාජ්‍ය උපදේශක මෙන්ම, නිල නොලත් නායිකාව ලෙස සැලකෙන අවුන් සාන් සූ කී වෙත ඊයේ (06දා) උදෑසන කොවිඩ්-19 එන්නත ලබා දුන් බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.
එරට ක්‍රියාත්මක වූ හමුදා කුමන්ත්රණයත් සමග සුකී ඇතුළු මියන්මාර රජයේ ප්‍රබල ක්රියාකාරිකයන් පිරිසක් හමුදා පාලනය විසින් රඳවාගෙන සිටියි.
කෙසේ වෙතත් එරට තුළ ක්‍රියාත්මක කොවිඩ්-19 මර්ධන වැඩපිළිවෙළ දිගටම සිදුවන අතර, ඒ යටතේ මේ ආකාරයෙන් සුකී වෙතද එන්නත් ලබාදීමට කටයුතු කර තිබේ.