රනිල් අසමත් නායකයෙක් , සජිත් කිසිවක් නොදන්න නායකයෙක් - එස්.බි.දිසානායක
රනිල් වික්‍රමසිංහ මහතා අසමත් නායකයෙකු බවත් , සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්න නායකයෙක් බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ අපේක්ෂක එස්.බි.දිසානායක සඳහන් කර සිටියේය.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ සිටි අසමත්ම නායකයා බවත් , සමගි ජන බල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කිසිවක් නොදන්නා නායකයෙක් බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ නුවරඑලිය දිස්ත්‍රික් අපෙක්ෂක එස්.බි.දිසානායක මහතා පැවසිය.
එස්.බි.දිසානායක මහතා එ බැව් කියා සිටියේ (08) දින හැටන් ප්‍රදේශයේ එස්.බි.දිසානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුත්කට සහභාගි විමෙන් අනතුරුව මාධ්‍යය හමුවේ අදහස් පල කරමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි දිසානායක මහතා වැඩි දුරටත් කියා සිටියේ මෙවර මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට සහ ජාතික සමගි ජල බලවේගයට ඉතා අඩු මන්ත්‍රිධුර සංඛ්‍යාවක් හිමි වන බවයි.
ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය මෙවර 2/3 අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගන්නා බවත්, එම ජයග්‍රහණය තුල ජාතික ආණ්ඩුවක් ඇති කිරිමට කිසිදු අවශ්‍යයතාවයක් නොවන බවද එස්.බි.දිසානායක මහතා පැවසිය.
දෙකට කැඩුණු එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් විශාල පිරිසක් මේ වන විට ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක් වන බවත් , එසේ එක්වන පිරිසෙන් දුෂණ වංචා චෝදනා නොමැති අය පමණක් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන සන්ධානය සමග එක් කර ගන්නා බවයි

popular news
-
Demuni Uduwara Wednesday, 08 July 2020 05:40 PM
A 'pure politican speaks.
Reply : 0 0
Don Wednesday, 08 July 2020 06:27 PM
This man must see himself in front of a mirror to see his abilities before criticize others.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
