විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයෙන් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීමට ඔහුගෙන් හේතු විමසා කෙටුම්පත් කළ ආඥාවක් නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30දා)ඉදිරිපත් කළේය.
රන්ජන් රාමනායක මහතාගෙන් දඬුවම් නොකර සිටීමට හේතු විමසා කෙටුම්පත් කළ ආඥාව ඉදිරියට පවත්වාගෙන යන්නේද පිළිබඳ ලබන අගෝස්තු මස 08 වැනිදා සලකා බලන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නේය.
විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට රන්ජන් රාමනායක මහතා මාධ්‍ය හමුවේ පැවසීමෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් පවරා ඇති පෙත්සම් දෙකක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විසින් රන්ජන් රාමනායක මහතාගෙන් දඬුවම් නොකර සිටීමට හේතු විමසා කෙටුම්පත් කළ ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ හා එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
