රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව මේ ප්‍රශ්නෙදි අපි තනි කරන්නෑ - ප්‍රසන්න
කොකේන් සම්බන්ධයෙන් පා.ම රන්ජන් රාමනායක මහතා කළ කතාවට අද 20 පැවති පොදුජන පෙරමුණේ රැස්විමේදි පා.ම. ප්‍රසන්න රණවිර මහතා මෙලෙස අදහස් දැක්විය.
“මත්ද්‍රව්‍ය භාවිතා කරන මන්ත්‍රීවරු සම්බන්ධයෙන් සොයන්න අගමැතිවරයා පත් කරපු කමිටුවේ එක් කෙනෙක් දැන් වයස නිසා ඔහු නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැහැ කියලා රන්ජන් රාමනායක රාජ්‍ය ඇමැතිවරයා කියනවා.
කමිටුවේ ඉන්න අනිත් හතර දෙනා ගැන අපි කොහොමද දැන් විශ්වාස කරන්නේ. අපි පාර්ලිමේන්තුවේ හඩ නගපුවාම අපිට විරුද්ධව අපරාධ පරික්ෂණ වාර්තා කැඳවලා. නමුත් තවමත් කොකේන් භාවිතා කරනවා කියන අය සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් නැහැ.
රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව මේ ප්රශ්නයේදී අපි තනි කරන්නේ නැහැ. ඒකාබද්ධ විපක්ෂය රන්ජන් රාමනායක මන්ත්‍රීතුමා එක්ක ඉන්නවා වගේම ඒකාබද්ධ විපක්ෂයේ කවුරු හරි කොකේන් භාවිතා කරන මන්ත්‍රීවරයෙක් ඉන්නවා නම් ඔහු සම්බන්ධයෙන් හෙළි කරන්න කියලත් අපි ඉල්ලා සිටිනවා. අපි ලැහැස්තියි ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.

popular news
-
dayan Thursday, 21 February 2019 06:09 PM
හරි උපාසක මහත්වරු.
Reply : 0 0
Champa Thursday, 21 February 2019 06:21 PM
අන්න කියල තියෙනව. එක්කෙනක් දෙන්නෙක් නෙමෙයි කොකේන් පාවිච්චි කරන 90% ක්ම ඉන්නේ මහින්ද සමීපයේ කියලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
