රන්ජන් චෝදනා ප්‍රතික්ෂේප කරයි
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වී ඇති චෝදනා පිළිනොගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා අද (08දා) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
ඒ එම නඩුව අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීය.
රන්ජන් රාමනායක මහතාට එරෙහි චෝදනා පත්‍රය අග විනිසුරු ප්‍රියසාද් ඩෙප්, නලින් පෙරේරා සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවුම් ලැබීය.
එහිදි සිය නීතිඥවරුන් මාර්ගයෙන් රංජන් රාමනායක මහතා අධිකරණයට දන්වා සිටියේ එම චෝදනා තමන් පිළිනොගන්නා බවයි.
කෙසේ වෙතත් මෙම චෝදනා පත්‍රය විභාග කිරීමට තීන්දු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්තු කළ අතර ඊට අදාළ සාක්ෂි සැප්තැම්බර් මස පස්වන දා සඳහා අධිකරණය හමුවට ඉදිරිපත් කරන මෙන්ද නීතිපතිවරයාට නියම කළේය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ගොනු කර තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
