එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාවක් එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවට අද (12දා)ඉදිරිපත් කරනු ලබන බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසීය.
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රමාත්‍යවරයා ලෙස පිළිගන්නා බවට පාර්ලිමේන්තුවේදී හඬනගා ප්‍රකාශ කිරීමට මන්ත්‍රීවරුන් 113 දෙනෙකුට වැඩි පිරිසක් සූදානමින් සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
මහින්ද කණ්ඩායම සහ මිරිස් කුඩු කණ්ඩායම යන කණ්ඩායම් දෙක එක්ව එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ අර්බුදයක් නිර්මාණය කිරීමට උත්සාහ කරමින් සිටින බවත්,පක්ෂයේ සමගිය ආරක්ෂා කරගනිමින් එම අභියෝගයට මුහුණදීමට සූදානම් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.