Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
කිසිදු අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා නැවත අගමැති ධූරයට පත් නොකරන අතර එය මේ වන විට තමා එක්සත් ජාතික පක්ෂයට පැහැදිළිව සඳහන් කර තිබෙන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඒසේම අගමැති පත් කිරීම, හිටපු අගමැති ඉවත් කිරීම, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ වාර අවසාන කිරීම, කැබිනට් මණ්ඩලය විසුරුවා හැරීම යන සියල්ල තමා විසින් සිදු කරන ලද්දේ නීත්‍යානුකූලව වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි කිසිවක් තමා සිදුකර නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ අද (25දා) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී විදෙස් ජනමාධ්‍යවේදින් සමග පැවති හමුවකදී ය.
පසුගිය 14 වනදා පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් වූයේ ස්ථාවර නියෝග අනුව කි‍්‍රයාත්මක විය යුතු පිළිවෙතට නොවන අතර, ආණ්ඩුවක් පත් කර ගැනීම සහ ආණ්ඩුවක් වෙනස් කර ගැනීම යන ඉතා වැදගත් කාරණාවලට අදාළව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමේ දී හඬ අනුව නොව ඉලෙක්ට්‍රොනික් ඡන්ද ක්‍රමය හෝ නමින් ඡන්ද විමසීම වැනි විධිමත් ක්‍රමයක් භාවිතා විය යුතු බවත්, ඒ පිළිබඳ තමා කතානායකවරයා ඇතුළු පක්ෂ නායකයන්ගෙන් කළ ඉල්ලීම පිළිගෙන ඒ අනුව කටයුතු කිරීම පිළිබඳ සතුටු වන අතර, එම සියලුදෙනාට ස්තූතිය පළ කරන බව ද ප්‍රකාශ කළේය.
2015 ජනවාරි 08 වනදා මේ රටේ ජනතාව තමා ජනාධිපති ධූරයට පත් කරගත්තේ ඉතා පිරිසිදු රාජ්‍ය පාලනයක් උදෙසා බව සඳහන් කළ ජනාධිපතිවරයා ඒ උදෙසා ඉතාමත් සද් භාවයෙන් නිවැරදි ගමනක් යාමට සූදානම් වුව ද රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයට පත්කර මාස තුනක් යනවිට සිදුවූ මහා මංකොල්ලය වන මහ බැංකු මූල්‍ය වංචාව එම ගමන අඩාල කළ බව ද සඳහන් කළේය.
තමන් ඝාතනය කිරීමට උත්සහ දැරු දූෂිතයන් සමග තවදුරටත් ආණ්ඩු කිරීමට නම් තමන් රට වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් අපේක්ෂා ඉටු කර ගැනීමට වෙර දරන දූෂිත දේශපාලනඥයෙකු විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තම දේශපාලන ප්‍රතිපත්තිය එය නොවන අතර, දැඩි ලෙසම දූෂණයට විරුද්ධ තමන් නිරන්තරයෙන් ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන අයෙක් බව ද ප්‍රකාශ කළේය.
popular news
chathuri Monday, 26 November 2018 02:49 AM
අගමැති. තොරණ එක. ජනතාව. අතේ. තියෙන්නේ. ඔබගේ අතේ ඉන්නේ. මහින්ද. විතරයි , ජනතාව රනිල් අගමැතිකරනවා අනිවාර්යෙන්. , ඔබ ඉල්ලා. අස් වියයුතුයි. එවිට , ඔබ ඉන්නෙත්. නැහැ කිව්වනේ. රනිල් අවොත්. ඔබ හිටියත්. රටට. වැඩක්. නැහැ නායකයෝ ටික විරසක. වෙන. එක විතරයි, මුළු ලෝකෙටම. පෙන්වන්න එපා. මෝඩකම පිනට ලබුනදේ. තියා ගන්න දන්නේ. නති කෙනෙක්. , පාර මතකනම් ගෙදර යන්න පුළුවන්
Reply : 0 1
Champa Monday, 26 November 2018 05:21 AM
President is only bidding time. In the event UNP swallows his bait and name someone else, he will tell them to submit 113 affidavits in support of that person too. This will go on and on. His mind is full of malice. දැඩි ලෙස දූෂණයට විරුද්ධ වුනාට එක සහෝදරයෙක්ට ටෙලිකොම් සභාපතිකම දුන්න ජනාධිපති වුනු ගමන්. දීපු ගමන් පඩිය වැඩි කළා මාසෙකට ලක්ෂ 10ක් වෙන්න. තව සහෝදරයෙක්ට කතරගම දේවාලේ බස්නායක කම දුන්න. එතනත් සල්ලි හම්බ කරන්න. චතුරිකාට 2015 හෙලිකොප්ටර් පාවිච්චි කරන්න දුන්න. තව ආණ්ඩුවේ advertisements බිලියන් ගණන් දුන්න 2015 ඉඳන්. දහමුත් ඩොලර් මිලියන් ගානක් එක්ක අහු වෙලා අතැරිය. තව තමන්ගේ ලඟම හිටපු නිලධාරියෝ දෙන්නෙක් අල්ලස් අරන් අහුවුනා. අල්ලස් නිලධාරීන් එනකොට එතන හිටපු පවුලේ කෙනෙක් දුවල ගිහින් බේරුනා කියනව. තව මට මතක නැති ගොඩක් දේවල් පහුගිය දවස්වල FB එකේ තිබුන. රනිල් එක්ක තියෙන පෞද්ගලික තරහ රටේ මිනිස්සුන්ට වැඩක් නැහැ. මම මෙහෙම ඒවා ලියනවා අඩුයි සාමාන්‍යයෙන්. ඒ වුනාට ලංකාව තමන්ගේ පෞද්ගලික බූදලයක් කියලා හිතා ගෙන ජනාධිපති ධූරයෙන් ඔලුව උදම්ම ගෙන ව්‍යවස්ථාව කඩ කර කර පාර්ලිමේන්තුව යටත් කරන්න හදන නිසා ල
Reply : 0 2
lion Monday, 26 November 2018 06:49 AM
රනිල් අගමැති කල uthuda නැද්ද කියල තීරණය කරන්න oney මේ රටේ ජනතාව. ඔහෙට බලය තියෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙන කෙනා අගමැති දුරයට පත් කරන එක.ඔහේ තමුන්ට නැතිබලය පාවිච්චි කරලා එකදිපතියෙකු වෙලා අද.ලැජ්ජා නැද්ද 62 ලක්ෂය ඔහෙට චන්දෙ දුන්නේ රාජපක්ෂ එලවන්න . අද ඒ මිනුසුන්ට පස්ස පැත්ත පෙන්නලා රාජපක්ෂ තුරුල්ලට ගත්ත. ඔහේ වගේ ගුණ මකුවෙක් කෙලෙහි ගුණ නොදද්දන නායකයෙක් මේ රටේ බිහිඋනේ නෑ. ඔහෙට මේකරන අපරාද වලට මේ athmema වන්දි ගෙවන්න වෙනවා. 2019 noemberwala අපි ඔහෙට ජීවිතේ කවදාවත් ඉගෙන නොගත් පාඩමක් උගන්වනවා.ඊට ඉස්සෙල්ල ඔතනින් නැගිටලා යන්න මේ රට විනාස නොකර.
Reply : 0 1
Deepal Nirosh Monday, 26 November 2018 11:36 AM
මහ මැතිවරණයක් පවත්වන්න ඉඩ දුන්නා නම් ජනතාව කවුද අගමැති කියල තීරණය කරාවි. ඒත් හිටපු අගමැති ඉවත් කිරීම තුළ සම්මත වීමට යෝජිත 20වන ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු රටට අහිතකර ක්‍රියාමාර්ග කීයක් වැළකුණා ද කියල මේ අදහස් දක්වන අයට නො තේරීමයි පුදුමය. අවශ්‍යතාව කෙතරම් බලවත් වුණත් අතිගරු ජනාධිපතිතුමා හිටපු අගමැති ඉවත් කළ ආකාරය පිළිබඳ සදාචාරාත්මක ගැටළුවක් පවතින බවනම් ඇත්ත.
Reply : 0 0
dhamneth Tuesday, 27 November 2018 02:52 PM
ඔබතුමා පසුගියදා වීර කැප්පෙටිපොල ගුනසමරුමට සහභාගී වුන .මෙන්න වීර කැප්පෙටිපොලතුමා වගේ වීරයෙක් වෙන්න අවස්ථාවක් ඔබතුමාටත්. මට රනිලුත් එපා එයාගේ චන්දත් එපා ,ජේ.වී.පි චන්දත් එපා කියා 2019 ජනවාරි 8ද ජනාධිපතිවරණයක් කැඳවන්න.වීර කැප්පෙටිපොල නැවත තම ජාතියට එකතුවුනහම සුද්දගේ ආයුද නැවත ආපසු යැව්වා වගේ ඔබතුමාත් මේ වීරකම කරන්න ප්ලීස් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd