හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාගේ වත්කම් ප්රකාශය ලබාගැනීමට හැකිවූ බව ට්රාන්ස්ප්රේරන්සි ශ්රී ලංකා ආයතනය සඳහන් කරයි. තොරතුරු පනත හරහා කළ ඉල්ලීමක ප්රතිඵලයක් වශයෙන් මෙම වත්කම් ප්රකාශය ලබා ගැනීමට හැකියාව ලැබුණ බව ට්රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්රී ලංකා ආයතනය සිය ට්විටර් ගිණුම හරහා ප්රකාශ කරයි. ඉදිරියේදී ජනපති මෛත්රිපාල සිරිසේන මහතාගේද වත්කම් ප්රකාශය ලබාගැනීමට කටයුතු කරන බවත් ස එම ආයතනය සඳහන් කරයි.