Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේනනය අමතමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කරන කතාව.
අපිට අභියෝග පැමිණි විට මුහණ දුන්නේ ජනතාවගේ ශක්තියෙනුයි. වර්තමාන අභියොගවලට මුහුණ දෙන්නත් මෙම විශේෂ සමුළුව අවස්ථාවක්. අපි පණිවිඩයක් දීමටයි අපේක්ෂා කරන්නේ. නිදහස් පක්ෂයේ ඉතිහාසය මා මෙන්ම ඔබත් රටත් දන්නවා.
ඉතිහාසය ගොඩනැගී තිබෙනේ දේශමාමකත්වය ප්රමුඛව අපේ සංස්කෘතින් මුල්කරගත් ජාතික සමගිය මුල්කරගත් දේශපාලන සන්දර්භයක් තුළයි. සියලු ජාතීන්ගේ දේශපානන වේදිකාවක් SWRD බණ්ඩාරනායක මහතා හැදුවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිස් දේශපාලන පක්ෂය හදිසියේ හැඳුණ පක්ෂයක් නෙමෙයි. නව දේශපාලන ගමනක් සඳහා බණ්ඩාරනායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිකළේ සිය සටන්කරුවන් හා සගයින් සමගයි.
එසේ බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෝෂණය වූයේ එක්කෙනෙකුගේ දෙදෙනෙකුගෙන් නොවෙයි. බණ්ඩානායක මැතිණිය, චන්ද්‍රිකා බන්ඩාරනායක මැතිණිය. දමූ දසනායක, ජෙයාරාජ් ප්‍රනාන්දු පුල්ලේ, ලක්ෂ්මන් කදිරගාමර් ඇතුළු පිරිසකගෙන්.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අඛණ්ඩව ආ ගමන් මගේදී රනිල් වික්‍රමසිංහගේ අන්ත ලිබර්වාරදී කුණු දේශපාලන ප්‍රවාහය පරාජය කරන්න සැමවිටම ශක්තියක් වී ඉදිරියට යනවා.
අද ඇතිවී තිබෙන ප්‍රශ්ණය කුමක්ද රට තුළ දේශපාලන ගැටුමක් නෑ. රට තුළ දේශපාලන අර්බුදයක් තිබෙනවා. ඒ තුළ නොසන්සුන්තාවක් තිබෙනවා.
ගැටුම් නිරාකණය කළමනාකරණය විද්‍යාවක්. දේශපාලන අර්බුදය විග්රහ කිරීමත් විද්‍යාවක්. මේ දේශපාලන අර්බුදයේ පසුබිම කුමක්ද 2015 ජනවාරි 8 දා මා බලයට පත්කළ මේ රටේ 6250000කට වැඩි ජනතාවට මා හිස නමා ආචාර කරනවා.
මම 2014 නොවැම්බර් 21 දා ගත් තීරණය එදාටත් වඩා අද නිවැරදියි. එය යුගයේ අවශ්‍යතාවක් බවට පත්වුණා. එසේම පසුගිය ඔක්තෝබර් 26 දා ගත් තීන්දුව නිවැරදි දේශපලන තීන්දුව නිවැරදියි.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා පත්කිරිම හදිසියේ ගත් තීරණයක් නෙමෙයි. එය ගිරිදුර්ගයක ගමන් කළ තීන්දුවක් හා තීරණයක්.
රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන දේශපාලන සංස්කෘතිය අමු අමුවේ දූෂණය කළා මෙන් රට විනාශ කළා. රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයත් විනාශ කළා. ඔහු යම් ප්‍රමාණයකට මාවත් විනාශ කළා.
ඒ සියල්ලමට දීමට තිබූ එකම විසඳුම රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවෙන් පන්නා දැමීමයි කියන එක මම තීරණය කළා. අපි අපට ගැලපෙන දේශපාලන ගමනක් යා යුතු වෙනවා.
ඔහුගේ දූෂිත බව මම පසුගිය කාලයේදී කිව්වා. ඔහු ගෙනා බොහෝ පනත් මා ප්‍රතික්ෂේප කළා. රට විනාශ කිරීම මගේ ශක්තියෙන් පාලනය කළා. ඔහු දරදඩු මිනිසෙක් ලෙස ලිබර්වාදී දේශපාලන දර්ශනය රට විනාශ කිරීමේ ක්‍රමයක් ලෙස භාවිත කළා.
උතුරේ ජනතාව රැවට්ටුවා. උතුරේ ජනතාව වෙනුවෙන් දිය යුතු දේ ඔහු හිතාමතාම අතපසු කළා. මේ ගත්තාවූ දේශපාලන තීන්දුව ඊයේ දවස වගේම අද දවස වගේම හෙට දවසටත් නිවැරදියි.
පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළ සිදුවූ සිදුවීම් මා ගත් තීන්දු තීරණ රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත් මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමත් රට ගැන හිතන ජනතාව ගැන හිතන මානව වාදි ප්‍රබුද්ධයින්ගේ ගමන් මගක් ශක්තිමත් කරන්නටත් මම පියවර රාශියක් ගත්තා.
මම ගැසට් නිවේද පහක් ගැහුවා විධායක බලය භාවිත කරලා. රනිල් විකමසිංහ මහතා ඉවත් කරන්න, මහින්ද රාජපක්ෂ මහතා පත්කරන්න, කැබිනට් මණ්ඩලය විසුරවන්න, පාර්ලිමේන්තුව කල්දාන්න, පාර්ලිමේන්තුව විසුරුවාහරින්න මම විධායක බලව භාවිත කළේ මම රට බේරගන්න බව ඔබට පැහැදිලිව කියන්න ඕන.
මේ දේශපාලන අර්බුදය අපේ රටට 48න් පස්සේ අලුත් අත්දැකීමක්. ලෝකයට මෙය අලුත් දෙයක් නෙමෙයි. ප්රජාතන්ත්රවාදය පවතින රටවලන්වල මෙවැනි අර්බුද නොසන්සුන්තාවන් අපි දැක්කා.
ජර්මනියේ මාස හයක් ආණ්ඩුව නෑ. ඉතාලියේ සති පහක් ආණ්ඩුවක් නෑ. ඔස්ට්‍රේලියාවේ අගමැතිවරයා එක් රැයකින් වෙනස් වුණා. පාර්ලිමේන්තුවේ ගැටුම් අපේ විතරද? අපේ රටේ සිදුවූ දේ හරි කියලා මම කියන්නේ නෑ. අපේ පාර්ලිමේන්තුවේ සිදුවූ හැසිරීම පක්ෂ භේදයක් නොමැතිව මම පිළිකුල් ලෙස හෙළා දකිනවා.
අපේ මතවාදය ජයග්‍රහණය කළ යුත්තේ ප්රජාතන්ත්රවාදයෙන්. මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී අවට වටපිටාව ගැන අවධානය යොමුකළ යුතුයි.
ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය ගිය අයට නඩු විභාග කර අවසන් තීන්දු දුන්නේ නෑ. කිහිපයකට අතුරු තහනම් නියෝග දුන්නා. නඩු ගණනාවක් තිබෙනවා. මේ නඩු මිනී මැරීම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ නඩු නොවෙයි. මේවා දේශපාලන නඩු.
මේ නඩු පිළිබඳව අධිකරණයෙන් දැක්වූ ප්‍රතිචාර ගැන රටේ ජනතාව මත විවිධ අදහස් තිබෙනවා. මම අධිකරණයට ගරු කරනවා. අධිකරණය දෙන්නා වූ තීන්දු තීරණ මම භාර ගන්නවා. අධිකරණයේ තීන්දු ගැන ජනතාවගේ මතය වෙනස්. කොටසක් කියනවා අධිකරණය මධ්‍යස්ථයි කියලා. ඇතැම් අය කියනවා අධිකණය ඒකපාර්ශ්වීයයි කියලා.
සමහර කියනවා මහානායක හිමිවරුන් කියන්න බණ විහාරාධිපති මහානායක හිමිකෙනෙක් කියලා කියලත් කියනවා. මේ දේශපාලන අර්බුදය තුළ අපි හැසිරෙන්නේ නීතිගරුකව විනයගරුකව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමය කරමින්.
රනිල් වික්‍රමසිංහ මහතා අහිමි වූ පුටුව ලබා ගැනීමට විදේශීය තානාපතිවරුන් වන්දනා කරනවා. අපි වන්දනා කරන්නේ ජනතාවයි. ඒ තුළ ප්‍රධාන වශයෙන්ම මේ තිබෙන තත්ත්වයන් සැලකිල්ලට අරගෙන එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මම තුන්වරක් හමුවුණා. අපි පොහෝට්ටුවේ අයත් සමග මිත්රශීලීව සාකච්ඡා කරනවා.
එජාපේ නායකයින්ට කියපු දේ අදත් කියනවා පාර්ලිමේන්තුවේ ඉන්නේ 225යි මේ 225 අත්සන් කරලා දුන්නත් මම රනිල් අගමැති කරන්නේ නෑ කියන එක පැහැදිලිවම කියනවා.
ඔහුගෙයි මගෙයි පුද්ගලික, පාට පිළිබඳ ප්‍රශ්ණයක් නෙමෙයි. ඔහු රටට නොගැලපෙන් දේශපාලඥයෙක්. ඔහුගේ දර්ශනය රටට ගැලපෙන්නේ නෑ. ඔහු හිතනපතන විදිහ රටට ගැලපෙන්නේ නෑ.
මාව ජනපති කරන්න කටයුතු කළ එක්සත් ජාතික පාක්ෂිකයන් මට වෛර කරන බවත් දන්නවා. එක්සත් ජාතික පක්ෂ නායකයිනි ඔබේ වර්තමාන නායකයා ඔබේ ගෞරවණීය දේශපාලන පක්ෂය විනාශ කළා.
ඒක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයින් රටට ආදරෙයි.මේ මනුස්සයට ඒ කිසිවක් දකින්නේ නෑ. ඔහු අන්ත දේශපාලන ලිබරල්වාදී දර්ශනයෙන් ඔහු හිරිවැටිලා.
මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේදී හෙට දවසේ රට වෙනුවෙන් තිබෙන යුතුකම් හා වගකීම් ඉටුකරමු. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කළ යුතුයි. කිසිවෙකුටත් පක්ෂය විනාශ කරන්න ඉඩ දෙන්නේ නෑ.
දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාව අවසන් කරන බව මම පැහැදිලිව කියනවා. එය ඔබ වෙනුවේන රට වෙනුවෙන්, හෙට උපදින දරුවන් වෙනුවෙන්. මෙි සියලු පක්ෂ විසඳා ගන්න සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ප්‍රශ්නවලට මම සාමයේ දෑත් දිගුකරනවා.
ප්රශ්නය හැදුවේ මම නෙමෙයි. රනිල් වික්රමසිංහයි. ඒ දේශපාලන කරුමය රට වෙනුවෙන් අපි පිං කරලා විසඳගමු. ඒ පින කරන්න අපි හදන මල්වට්ටිය අත ගහමු."
ඡායාරූප - ඉසුරු පෙරේරා
popular news
Rattharan Tuesday, 04 December 2018 05:16 PM
අනේ රාළහාමි කන්නාඩියක් ඉදිරියට ගිහිල්ල ඔය ටික කීව නම් හුඟාක් හොඳයි. මුළු රටම දැන් දන්නවා තමුන්නාන්සේ රටේ ආර්ථිකයත් නැති කරලා මුළු රටම විනාශ කල බව ,,,
Reply : 679 852
Champa Tuesday, 04 December 2018 05:16 PM
අනේ බබා. ඔන්න කුක්කු බබෙක් නම් කියන්න පුළුවන් රනිල් විනාශ කළා කියලා. අවුරුදු 40ක් ද 50ක්ද දේශපාලනේ හිටිය කියල පාරම් බාපු ජනාධිපති කෙනෙකුට එහෙම කියන්න බැහැ. රනිල් දේශපලන සංස්කෘතිය විනාශ කලේ තනියම නෙමෙයි. ඒ කරපුව ඕනෙම අවස්ථාවක නවත්තන පුළුවන් බලයක් තිබ්බ ජනාධිපති කෙනෙකුයි කැබිනට් එකකුයි එක්ක. ඔන්න රනිල් ජනාධිපති වුණා නම් කියන්න තිබ්බ රනිල් රට කාපු එක නවත්තන්න බැරි වුනා කියලා. ගැසට් වලින් රට බේරගන්න බැහැ. එහෙම රට බේර ගන්න බැරි වෙන විදිහට 2015 ඉඳන් රනිල්ට ඔක්කොම හව්හරණ දුන්නේ ජනාධිපති සහ කැබිනට් එක. 19 වෙනි සංශෝධනය රනිල්ට pass කරලා දුන්නේ ජනාධිපති නියමයෙන් UPFA එකේ බහුතර ඡන්ද බලෙන්. දැන් අවුරුදු 4ක් ගියාට පස්සේ අන්තිම මොහොතේ මහින්දව මතක් වුනේ රටට ආදරේට නෙමෙයි, චන්දෙ ළඟ එන හින්ද සහ තමන්ට් විරුද්ධව තියෙන ලොකුම බලවේගේ මස්කට්ටක් දීලා තමන්ගේ යටතට ගන්න ඕනේ හින්ද. ඒකයි කලේ. මහින්දට ජන බලයෙන් අගැමති වෙන්න හොඳටම තිබ්බ අවස්ථාව 2015 අගෝස්තු නැති කලේ මේ ජනාධිපතිමයි. SLFP, SLPP, UNP, JVP මේ කිසි පක්ෂේකින් රටට දැන් වැඩක් නැහැ. දැන් රටට ඕනේ අලුත් පක්ෂයක්.
Reply : 413 630
Champa Tuesday, 04 December 2018 05:37 PM
මෙතන තියෙන්නේ පුද්ගලයෙක් ගැන කතාවක් නෙමෙයි. රනිල් කියන්නේ රටෙන් වැඩි පිරිසකට එපා කරපු මිනිහෙක්. මෛත්‍රී කියන්නෙත් රටට එපා කරපු මිනිහෙක්. හැබැයි ඒ හින්ද චිරාත් කාලයක් පාර්ලිමේන්තුවේ පැවතෙන සම්ප්රදායක් කඩන්න දෙන්න බැහැ. බහුතරය තියෙන පක්ෂේ නායකයා අගැමති වෙන එක තමයි පාර්ලිමේන්තුවේ ජනතා කැමැත්ත පිළිඹිබු වෙන විදිහ. මේ රටේ හැම මිනිහෙක්ටම තමන්ට කැමති කෙනෙක්ට චන්දෙ දෙන්න අයිතිය ආරක්ෂා වෙන්න ඕනේ. අපේ ව්‍යවස්ථාව අනුව ජනතා පරමාධිපත්‍යය පෙන්වන අවස්ථා දෙකක් තියෙනව. එකක් ජනාධිපතිවරණය. අනෙක මහ මැතිවරණය. 1978 ව්ය්ව්යස්ථාවෙන් පස්සේ මේ දක්වා ජනාධිපති ධූරයත් පාර්ලිමේන්තුවේ බහුතර බලයත් ලැබුනේ එකම පක්ෂේක්ට. ඒ හින්ද අගැමති කවුද කියන එක ප්‍රශ්නයක් වුනේ නැහැ. නමුත් දැන් ජනාධිපති එක පක්ෂෙක. අගමැති වෙන පක්ෂෙක. දවසක මෙහෙම ප්‍රශ්නයක් ආවොත් විධායක ජනාධිපති ඒකාධිපතියෙක් වෙලා පාර්ලිමේන්තුව තමන්ගේ ග්‍රහණයට ගත්තොත් පාර්ලිමේන්තුවේ තියෙන ජනතා පරමිධිපත්යයට අසාධාරණයක් වෙන එක නවත්තන් තමයි JR විධායක ජනාධිපති ඇමරිකන්/ප්‍රංශ මිශ්‍ර ක්රමයටත් පාර්ලිමේන්තුව වෙස්ට්මින්ස්ටර් ක්රමයටත් හදල තියෙන්නේ. එනම් බහුතරයට ආණ්ඩු බලය ල
Reply : 0 137
Lion Tuesday, 04 December 2018 05:44 PM
Ratata නොගැලපෙන්නේ ඔබවගේ Prathi පතතියක් නැති kiyanna hamadema වෙනස් karana ජනතාව මුල ඉඳලම mula කල නායකයෙක් නොවෙඉ . Ranil රටට හොඳද නරකද කියල තීරණය කරන්නේ රටේ ජනතාව .ඔබ අද මුලුරටටම එපාවෙච්ච minnisek .ඔබට ඔබ කල මේ අපරාද වලට මේ ආත්මයේදීම පව් ගෙවන්න siddawai .
Reply : 188 315
marikkar Tuesday, 04 December 2018 05:51 PM
කොන්ඩේ වත් හරියට පීරගන්න දන්නේ නැති කය්වාරු කාරයෙකුට පුලුවන්ද රටක් පාලනය කරන්න.
Reply : 68 173
silva Tuesday, 04 December 2018 06:39 PM
කෝ ඉතින් ශ්‍රී ලංකා නිදස්පක්ෂ් අගමැති තුමා ඇවිත් නැහැනේ මේ සමුළුවට...
Reply : 0 67
Nandana Tuesday, 04 December 2018 08:32 PM
අත් දෙක උස්සගෙන වේදිකාවේ රගපාමින් මොනවා කීවත් වැඩක් නැත. ඔබ කියන තරමක් කියන්නේ බොරු බව ජනතාව දන්නවා . ඒ කාලේ කියපු විදිහට බොරු දැන් කාලෙට ගැලපෙන්නේ නැත.
Reply : 108 265
Lakmal Tuesday, 04 December 2018 09:10 PM
Ranil is a great leader with a great vision. These guys are just jokers in front of him
Reply : 384 701
සමීර Tuesday, 04 December 2018 10:36 PM
රනිල් වගේ ශිෂ්ඨ සම්පන්න මිනිසෙකුට ගරහන ඔබ තව තවත් පිරිහෙනු අැත
Reply : 0 93
Appaya Tuesday, 04 December 2018 11:17 PM
ඔව් ඔව් රනිල් ඔබව විනාශ කළා තමයි. ජනාධිපති තියා අගමැති කමටවත් ඔබව ගත්තේ නැති කලෙක ඔබව ජනාධිපති කරලා ඒ මනුස්සය ඔබව විනාස කලා තමයි. ඔබේ ඔය බේගල් කිසි කෙනෙක් පිළිගන්නේ නැත. පොහොට්ටුවෙන් ජනාධිපති වෙන්න ගිහින් එකත් මිනිස්සුන්ට එපා නොකර ගෙදර යන්න. රනිල්ගේ උගත්කමට, දැනුමට, පවුල් පසුබිමට ඔබට ලන්වෙන්නවත් පුලුවන්ද ? . අයෙමත් ඡන්දෙන් රනිල්ට බහුතරේ ආවොත් ඔබ අයෙත් චන්දෙයක් තියන්නද? ඔයාට හරියන කෙනෙක්ට බහුතරේ එනකම් ඡන්ද තියා තියා ඉන්නවට වඩා රටක් වෙන වැඩක් නෙද්ද? බහුතරේ එක්ක ඔබට ඉන්න බැරි නම් ගෙදර පයන්න. කව්රුවත් ඔයා ඕන කියල පෙළපාලි යන්නේ නැහැ. 5 වසරේ ළමයෙක් ට පුළුවන් ඕක ඔයාට වඩා හොඳට කරන්න.
Reply : 0 74
malka Wednesday, 05 December 2018 02:51 AM
අනේ කිරි සප්පයා පව් .
Reply : 0 9
malka Wednesday, 05 December 2018 02:53 AM
අම්මෝ සූ ගාලා සෙනග නේද ?
Reply : 0 10
rocky Wednesday, 05 December 2018 05:16 AM
ඔබේ විනාසය සිදු කර ගත්තේ ඔබමයි. එකට නම් අපට කනගාටුවක් නැහැ. එහෙත් පට්ට හොර රැල එක්ක මුක්කු ගහගන අපේ රට විනාස කරන්න ඔබට කිසිම අයිතියක් නැහැ.කරනා කරලා ඉවත් වෙලා යන්න!
Reply : 0 17
[email protected] Thursday, 06 December 2018 12:23 PM
හ්ම් ඕකෙන් ඉවත් වෙලා රොක්ය් උබ ගනින් කඩුව අතට වනපන් ඔක්කොටම
Reply : 0 0
Deepal Nirosh Wednesday, 05 December 2018 12:23 PM
කරන කලට පව් මීරිය මී සේ, විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. මේ ගැන තවත් කියන්න තියෙන්නෙ එච්චරමයි.
Reply : 0 3
chandana Thursday, 06 December 2018 11:57 PM
ගමේ කෙල්ලෙක් විනාස කලානම් ලොකු වන්දියක් එක්ක හිරේට යන්න වෙනවා මෙතන එ වගීද ජනාදිපති කෙනෙක් අනිවර්යේම්ම නිතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ දෙන්නේ අපිට රනිල් මහත්තයටේ මෙච්චර තරහ මොකද කියල තේරෙන්නේ එත් උපන්දිනේට කෙඅක් කවන කොට අපිට නිකන් හිතුන මොකක් හරි වෙඉද කියල පව් නේද දෙන ඉතින් සමාජෙට මුහුණ දෙන්නේ කොහොමද අනාගතේ ඉවරි නේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd