රන් භාණ්ඩ උකස් අත්තිකාරම් සඳහා බලපත්‍රලාභී බැංකු විසින් දැනට අය කරනු ලබන වාර්ෂික පොලිය 12% - 17.5% දක්වා පරාසයක පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිරීක්ෂනය කර තිබේ.
කොවිඩ්-19 ව්‍යසනය නිසා ඇති වූ අයහපත් ආර්ථික තත්ත්වය හමුවේ, තම කෙටි කාලීන මූල්‍ය අශ්‍යතා සපුරා ගැනීම සඳහා රන් භාණ්ඩ උකසට තබන අඩු ආදායම්ලාභීන්ට සහනයක් සැලසීමේ අවශ්‍යතාව සලකමින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් බලපත්‍රලාභී බැංකුවල රන් භාණ්ඩ උකස් අත්තිකාරම් පහසුකම් සඳහා උපරිම පොලී අනුපාත සීමා පැනවීමට තීරණය කර ඇත.
ඒ අනුව, 2020 අප්‍රේල් 27 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, බලපත්‍රලාභී බැංකු මගින් පුද්ගලික ස්වර්ණාභරණ සුරැකුම් ලෙස තබා ගනිමින් මුදල් ණයට දීමේදී අයකළ හැකි උපරිම පොලී අනුපාතය වසරකට 12% හෝ වසරකට අඩු කාලයක් සඳහා ලබාදෙන උකස් අත්තිකාරම් සඳහා මසකට 1%ක උපරිමයකට සීමා කරමින් මුදල් නීති පනත යටතේ නියෝගයක් නිකුත් කරන ලදී. මෙම උඵරිම පොලී අනුපාත, මෙම නියෝගය ක්‍රියාත්මක වන දින සිට අලුතින් ලබාදෙන උකස් අත්තිකාරම්වලට සහ දැනට පවතින උකස් අත්තිකාරම් එදින සිට නැවත අලුත් කිරීමේදී අදාළ වන බව මහ බැංකුව කියයි.