සංචරණ සීමා කාලයේදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගජය ඉල්ලා සිටින බව රුධිර පාරවිලනය සේවයේ අධ්යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.
මැයි මස මුල් සතියේදී රුධිර සංචිතවල අඩුවක් ඇතිවුවත් එම මස අවසානය වන විට රුධිර සංචිතය ආරක්ෂක තත්ත්වයකට පත්වූ බවද ඔහු සඳහන් කළේය.
ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය සැමරීම වෙනුවෙන් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන්ට අනුගතව නාරාහේන්පිට ජාතික රුධිර පාරවියලයන මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී අද දින (14) උදෑසන පැවැති උත්සවයකදී ඔහු මේ බව පැවැසීය.
“කොවිඩ් වසංගතය හමුවේ විටින් විට සංචරණ සීමා දැමීමත් සමග රුධිර සංචිත පවත්වාගෙන යාමට මෙරට රුධිර පරිත්‍යාගශීලීන් විශාල සහයෝගය දැක්වූවා.
ඉදිරියටත් එම සහයෝගය අපි අපෙක්ෂා කරනවා. සංචරණ සීමා ක්‍රියාත්මක කාල වකවානු තුළ රුධිර සංචිත පවත්වාගෙන යාමේ දී අභියෝගාත්මක අවස්ථා කිහිපයකට මුහුණ දීමට අපට සිදු වුණා. පසුගිය මැයි මාසයේ මුල් වකවානුවේ අපේ රුධිර සංචිතවල මට්ටම තරමක්
අර්බුධකාරි තත්ත්වයකට පත් වූ විට අපි මෙරට රුධිර පරිත්‍යාගශීලීන්ගෙන්, ලේ දන්දීමේ කඳවුරු සංවිධායකයින්ගෙන් සහ ජන මාධ්‍ය හරහා ඉල්ලීමක් කළා අපට දායකත්වයලබාදෙන්න කියලා.
එම කෙටි ඉල්ලීමේ දී ඔවුන් සියළු දෙනා අපට මහත් දායකත්වයක් ලබාදුන්නා. පසුගිය වෙසක් සතිය වන විට අපගේ රුධිර සංචිත ප්‍රමාණය ඉතාම ආරක්ෂාකාරී තත්ත්වයකට ගෙන එන්නට අපට පුළුවන් වුනා. ඒ සදහා දායකත්වය දැක්වූ ශ්‍රී ලාංකික ජනතාවට සහ අපගේ ස්තූතිය පුද කරනු ලබනවා.”