ඔස්ට්‍රේලියාවේ ඖෂධ නියාමකයා පවසන්නේ, මෑතකදී එරටදී සිදුවූ 48 හැවිරිදි කාන්තාවකගේ මරණය ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත සමඟ සම්බන්ධ බවය.
රුධිර පට්ටිකා අඩුවීමේ තත්ත්වයකින්ද පෙලුණු මෙම කාන්තාව අප්‍රේල් 8 වැනි දින එන්නත ලබාගෙන දින හතරකට පසු ත්‍රොම්බොසිස් රෝගයෙන් මියගිය බව සඳහන් කෙරිණි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලැබීමෙන් පසු පුළුල් ත්රොම්බොම්බොලික් සහ ත්‍රොම්බොසයිටොපීනියා යන තත්ත්වයන්ට ගොදුරු වූ තුන්වැනි ඔස්ට්‍රේලියානු කාන්තාව ඇයයි.
අනෙක් රෝගීන් දෙදෙනා රෝහලේ සුවය ලබමින් සිටින බව එරටින් වාර්තා වෙයි. ඊයේ වනවිට ඔස්ට්‍රේලියාව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත අවම වශයෙන් 885,000ක් ලබා දී ඇති අතර, මෙවැනි රුධිර කැටි ගැසීමේ තත්ත්වයන් ඉතා කලාතුරකින් වාර්තා වී ඇති බවද අවධාරණය කළේය.
පසුගිය සතියේ ඔස්ට්‍රේලියාව නිවේදනය කළේ 50 ට අඩු අයට ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා නොදෙන බවය.