රථ වාහන වැරදි සඳහා රු 25000ක දඬය නැවත එයි
අධික වේගය, බීමත්ව රිය පැදවීම, දුම්රිය සංඥා නොතකා රිය ධාවනය ඇතුළු වැරදි හතකට එරෙහිව රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීම සඳහා අවධානය යොමුවී ඇති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති අශෝක් අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී (25) ප්‍රකාශ කළේය.
මෙවැනි වැරදි සම්බන්ධයෙන් රුපියල් විසිපන්දහසක දඩයක් පැනවීමට මීට පෙර යෝජනා වුවද එම දඩය වැඩිකළේ රුපියල් තුන්දහසික් පමණක් බවද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
එහෙත් දෛනිකව සිදුවන රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් අටදෙනකු මිය යන බවත් මෙය බරපතල තත්ත්වයක් බවත් ඇමතිවරයා සඳහන් කළේය.

popular news
-
Saththaya Tuesday, 26 March 2019 08:55 AM
ඒ වාගේම , මාර්ග නීති නොතකා , වේගයෙන් ධාවනය කරන කන්ටේනර් රථ වලට අධික දඩ මුදලක් අය කලොත් ලොකු දෙයක් . මොවුන් මාර්ග නීති කඩ කර , කරන වාහන අනතුරු වලටත් , කිසි බයක් නැතිව අපේ රක්ෂණයෙන් නඩු කියල ගන්න කියනවා . මේ දෙය සෙල්ලමකට අරගෙන . පොලීසිය අඩු ගානේ දඩ කොළයක්වත් දෙන්නේ නැහැ . කාටවත් මේ නීතිය ගැන වැටහෙන්නේ නැහැ . තද නීති මේවට අවශ්ෂයි , මේ රටේ මාර්ග පොඩි නිසා . එහෙම වුනොත් විනයත් හරි යනවා .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

