රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදිකිරීම සඳහා වන ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අදාළව ඊයේ (03දා) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
රත්නපුර, දෙමුවාවත මැණික් වීදිය ජාත්‍යන්තර මැණික් වීදියක් ලෙස සංවර්ධනය කිරීමට සහ මැණික් කුලුනක් ඉදිකිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබාදී තිබුණු අතර රත්නපුර, දෙමුවාවත වීදියේ පර්චස් 22කින් යුත් ලයිමෙවත්ත ඉඩමේ මැණික් කුලුනක් ලෙස සිවු මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් එම කුලුන තුළ ව්‍යාපාරික ස්ථාන මැණික් රසායනාගාරයක්, බැංකු පහසුකම්, අපනයන පහසුකම් හා රේගු පහසුකම් ස්ථාපිත කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
