රත්නපුරදී ඝාතනයට ලක් වූ සැරයන්ට කිළිනොච්චියෙදීත් පහරදීමක් වෙලා
රත්නපුර, ගල්ඇන්ද ප්‍රදේශයේ විහාරස්ථානයකදී චීවරධාරියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත් වූ පොලිස් සැරයන් සමරවික්‍රම මහතාට ඊට පෙරත් කිළිනොච්චිය දිස්ත්‍රික්කයේ රාජකාරි කරමින් සිටියදී මාරක ප්‍රහාරයක් එල්ල වී ඇති බව කිළිනොච්චිය පොලීසිය පවසයි.
2016 වසරේ ඔක්තොම්බර් මස 25 වැනිදා උතුරු පළාතේ පැවති හර්තාල් ව්‍යාපාරයක් අතරතුර කිළිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහල ඉදිරිපිටදී බීමතින් හැසිරෙමින් ජනතාව පීඩාවට පත් කළ පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යෑමේදී මියගිය සැරයන්වරයාට බීමතින් හැසුරුණු පිරිස් බෝතල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
එම බෝතල් ප්‍රහාරයෙන් සැරයන්වරයාගේ මුහුණට සහ ගෙල ප්‍රදේශයට දැඩි ලෙස තුවාල සිදුව කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා සුවය ලැබීමෙන් පසු ස්ථාන මාරුවක් ගෙන රත්නපුර පොලිස් ස්ථානයට ගොස් ඇති අතර ඒ බව කිළිනොච්චිය පොලිස් වාර්තාවලද සඳහන්ව ඇත.
ඊයේ (11දා) වරෙන්තු නිකුත් කර ඇති චීවරධාරියෙකු අත්අඩංගුවට ගැනීමට යෑමේදී චීවරධාරියා කළ පහරදීමකින් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වූ අතර පොලිස් සැරයන්වරයා උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කිරීමට තීරණය කළ බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

popular news
-
rocky Friday, 13 July 2018 06:01 AM
කනගාටුදායක කතාවකි. කෙසේ වෙතත් පොලිස් නිලධාරියා තත්වයෙන් උසස් කල පරිදිම මේ බුද්ධපුත්‍රයානන් වහන්සේවත් නායක පදවියකට උසස් කළා නම් හොඳයි නේද? හාමුදුරුවෝ ඔහොම නම් උන්වහන්සේට වන්දනාමාන කල උපාසක උපාසිකාවන්ගේ තත්වය කොහොමද කියල හිතා ගන්න අපහසු නැහැ. අනිච්චේ සාසනේට ගිය කල!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

