බලන්ගොඩ, ඉඹුල්පේ, ඕපනායක ඇතුළු රත්නපුර දිස්ත්රික්කයේ හඳුනාගත් සියලු අවදානම් සහිත ප්රදේශයන්හි වෙසෙන ජනාතාවට අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ රත්නපුර දිස්ත්රික් නිලධාරී අභීත වනසුන්දර මහතා පවසයි.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“ සැළකිය යුතු වැසි තත්ත්වයක් මේ දිනවල පවතිනවා. විශේෂයෙන් මේ මාස එක හමාරේ වර්ෂාපතනය හොඳින් පැවති අතර ඉදිරියේදීත් වර්ෂාව පවතින බව නිවේදනය කර තිබෙනවා.
වාර්ෂික වර්ෂාපතනය දිස්ත්රික්කයට මිලිමීටර් 4500- 5000 ත් වුවත් මේ මාස තුන හතරක කාලයකදී වාර්ෂික වර්ෂාපතනයෙන් 1/5 ලැබී තිබෙනවා. දිස්ත්රික්කයේ විශේෂ සිදුවීම් වාර්තාවී නැතත් (23දා) ඉඹුල්පේ බොල්තුඹේ දේවාලය අසල සිද්ධියක් වාර්තා වී තිබෙනවා.
නාය යෑම් හා අවදානම් කලාප සම්බන්ධයෙන් සිතියම් ගත හඳුනාගත් ස්ථාන සහ නාය යාහැකි කඳුකර බෑවුම් සහිත ප්රදේශවල වෙසෙන ජනතාව පවතින් වැසි තත්ත්වයන් සමග දැඩි අවධානයෙන් හා සූදානමෙන් සිටින ලෙස දැනුම් දෙනවා ”
බෙලිහුල්ඔය එස්.රත්නායක