රත්න ඇල්ල නැරඹිමට ගිය සරසවි සිසුවෙකු දියේ ගිලි මරුට
හසලක රත්න ඇල්ල දිය ඇල්ල නැරඹිමට පැමිණි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ තුන්වන වසරේ සිසුවෙකු දියනෑමට ගොස් ඊයේ (24) දහවල් දියේ ගිලී ජිවිතක්ෂයට පත්ව ඇති බව හසලක පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අලව්ව, බටහිර වෙන්නොරුව, නැමැති ලිපිනයේ පදිංචි දිගායු අබේරත්න බණ්ඩාර නැමැති වයස 25ක ශිෂ්‍යයෙකි.
ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ තුන්වන වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.
විශ්වවිද්‍යාලයේ සිසු පිරිසක් සමඟ චාරිකාවක යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
දියේ ගිරි අතුරුදහන් වු සිරුර ඊයේ සවස සොයාගැනිමෙන් අනතුරුව මරණ පරික්ෂණය සඳහා සිරුර මහියංගණ මුලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබු අතර හසලක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
මහියංගණය - රංජිත් කරුණාවීර

popular news
-
Nimal Saturday, 30 March 2019 06:36 AM
Hodai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

