රත්මලාන බෙලෙක් කඩේ හන්දියෙ රන්භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි 2 පමණ වටිනා රන් භාණ්ඩ සොරා සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස පොලිසිය කියයි.
තෙමහල් ගොඩනැගිල්ලක පිහිටා තිබෙන මෙම ආයතනයේ දෙවන මහලේ ඇලුමිනියම් අල්මාරියක ලාච්චු දෙකක් තුළ මෙම රන් භාණ්ඩ තබා තිබී ඇතැයි පොලිසිය කියයි.
එහි සේවකයන් ඊයේ පෙරවරුවේ එම ආයතන වෙත පැමිණීමේ දී දෙවන මහලේ දොර විවෘත කර තිබුණ දැක විමසිලිමත් වීමේදී රන් භාණ්ඩ බහා තිබූ අල්මාරියෙ ලාච්චු විවෘත කර ඇති බව දැක ඒ බව පොලිසියට දැනුම් දී ඇත.
සොරකම සඳහා පැමිණි පුද්ගලයා උකස් ආයතනයේ ඉහළ මහලේ ගාලු පාර දෙසට මුහුණලා තිබෙන දොරෙයි යකඩ තහඩුව කඩා ඇතුළුවී දෙවන මහල කරා පැමිණ දෙවන මහලේ දොර කඩා ඇතුල්වී මෙම සොරකම සිදුකර ඇති බව මේ වන විට විමර්ශනවලදී හෙළිවී ඇත.
සොරකම සඳහා පැමිණි පුද්ගලයා ඉහළ මාලයේ දොරටුව අසලට පැමිණියේ කෙසේ ද යන්න දැඩි ගැටලුවක් පොලිස් නිලධාරියෙක් පැවසීය.
යාබද ව්‍යාපාර ආයතන වල වහලය හරහා සොරකම සඳහා පැමිණියේද යන්න සැකයක් මතුවී ඇතැයි පොලිසිය කියයි.
සොරකම ඊයේ රාත්‍රී 7 හත හා අද 25 පෙරවරු අටයි තිහත් අතර කාලය තුළදී සිදුවන්නට ඇතැයි පොලිසිය කියයි.
මෙම ආයතනයේ රන් භාණ්ඩ උකස් ගැනීමට අමතරව අනෙකුත් සියලුම භාණ්ඩ උකස් ගන්නා බව එහි සේවකයෙක් පැවසීය.
එම ආයතනයේ සේවය කරන යම් පුද්ගලයකුගේ හෝ කිහිප දෙනකුගේ සහාය සොරකම සඳහා උපකාරී වුවා ද යයි පැති කීපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
එම ආයතනයේ කළමනාකරු ගෙන් ඇතුළු සියලුම සේවකයන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සොරකමක් අනාවරණය කර ගැනීම සඳහා ගල්කිස්ස කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් , පොලිස් නිල සුනඛයන්ගේ හා ඇඟිලි සටහන් නිලධාරීන්,හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ සහාය ලබාගන්නා බව උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය