රත්නපුර නගරයට ආසන්න සංචාරක හෝටලයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි තරුණයන් පස් දෙනෙක් සහ තරුණියන් තිදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන රත්නපුර පොලීසියට භාරදුන් බව පොලීසිය පැවසුවේය.
වයස අවුරුදු දහ නවයත් විසි පහත් අතර වයසේ පසුවන මෙම පිරිස අතරින් එක් තැනැත්තියක් නිවිතිගල නගරය ආසන්නේ පදිංචිකාරියක් බව ද පොලීසිය පවසයි. සෙසු හත්දෙනා රත්නපුර නගරය අවට පදිංචි අය වෙති.
අන්තර්ජාලය සහ මුහුණු පොත ඇසුරින් ඔවුන් දැන හඳුනාගෙන ඇති බවත් ඔවුන් එක්ව මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාදයක් පවත්වන බවට ලද තොරතුරක් ඔස්සේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබුණ බවද පොලීසිය සඳහන් කළේය.
වැඩිදුර විමර්ශන සඳහා පොලීසියට භාරදුන් මෙම තරුණියන් තිදෙනා සහ තරුණයන් පස්දෙනා ප්‍රකාශ සටහන් කිරීමෙන් පසු අධිකරණ්යට ඉදිරිපත් කිරිමට නියමිතය.
රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්ෂක රොහාන් ඕලූගල මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.