Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
යුද්ධ හමුදාවේ භාවිතය සඳහා විදෙස් රටවලින් වාහන ගෙන්වීමට වැය වන අතිවිශාල විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ඉතිරි කරගැනීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව විසින් නවීකරණය කරන ලද රථවාහන කිහිපයක් යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරීක්ෂා කළේය.
කසළ ප්‍රවාහනය කරන ට්‍රක් රථයක්, ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථයක්, ජිප් රථ හතරක් සහ ඩබල් කැබ් රථයක් එලෙස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පරීක්ෂා කරන ලදී.
මෙහි විශේෂත්වය වන්නේ ජංගම භාණ්ඩ විකුණුම් ට්‍රක් රථය හැර අනෙකුත් සියලුම රථ යුද්ධ හමුදාව විසින් දිගුකාලීනව ප්‍රයෝජනයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වීම හේතුවෙන් භාවිතයෙන් ඉවත්කළ රථ වාහන වීමයි. ශ්‍රී
ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් ලබාදුන් උපදෙස් අනුව මෙම සියලුම වාහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස්ගේ ශ්‍රමදායකත්වය සහ තාක්ෂණික දැනුම යොදාගනිමින් නවීන මාදිලියන්ට අනුව නවීකරණය කර තිබීම තවත් සුවිශේෂීත්වයකි.
එමෙන්ම, විදේශ විනිමය විශාල ලෙස ඉතිරි කරමින් ආයෝග්‍ය කරන ලද යතුරුපැදි, වෑන්, ලොරි, ට්‍රක් සහ බස් ඇතුළු බරවාහන රැසක් උඩවලව, අනුරාධපුර, කිලිනොච්චිය, යාපනය ඇතුළු දිවයිනපුරා ස්ථාපිත ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලවල් මගින් යුද්ධ හමුදාවේ ප්‍රයෝජනය සඳහා අලුත්වැඩියා කර ඇත.
මෙලෙස යුද්ධ හමුදාව දිගුකාලීනව භාවිතයට ගෙන අයෝග්‍ය තත්ත්වයට පත්වූ රථවාහන ප්‍රතිනවීකරණය කිරීමේ වැඩසටහන වෙනුවෙන් දායකත්වය දැක්වූ සියලුම දෙනාට මෙහිදි යුද්ධ හමුදාධිපති සිය ස්තූතිය ප්‍රකාශ කළේය.
popular news
Skm herath Friday, 18 June 2021 06:34 AM
Ape rate jeewamana dewiwaru thawa thawath shakthiya weeryaya lebewa
Reply : 0 0
Athula Friday, 18 June 2021 10:07 AM
සියලුම සම්පත් තිබුනත් රටේ ජනතාව බලය දෙන්නේ හොරුන්ට නිසා අපි මොනවා ඉතිරි කරන්න හැදුවත් තක්කඩි පාලකයෝ එක රැයින් සේරම විනාශ කරනවා හරියට කුඩු වලට ඇබ්බැහි වෙච්ච පවුලක් වගේ සියල්ලම කබාසින්ය කරනවා මෙම යාන්ත්‍රනය වෙනස් කරන තුරු අපි අගාදයට යනඑක සක්කරයටවත් නතර කල නොහැකියි
Reply : 5 81
Melanie jayaweera Friday, 18 June 2021 10:27 AM
සියල්ලම එසැනින් දැනගැනිමට ලැබෙනවා ගොඩකි හොඳයි
Reply : 0 2
Nihal palitha Friday, 18 June 2021 10:31 PM
verrygood
Reply : 0 0
Roshan Goonewardene Sunday, 20 June 2021 11:11 AM
Well done.Very national productive work exhibited by staff of armed services headed by Hon.Minister, Secretary and Joint chief of staff..Jointly, all of them as a team, worked now this restore of fleets, in recent past still with clean-up of sea-shore, during floods, with on-going Covid controls, restore unused paddy fields and so on. Next, With all permission please show how one can restore the abandoned paddy fields on either side of railway track between Ragama and Ederamulla. When done this can be viewed by many Sri Lankans when they start coming to or going from Colombo soon. Also the beautification and widening of two narrow Roads Ratmalana Airport Road and KDU Kothalawala Road which are under security controls.
Reply : 0 0
Nishantha Sunday, 20 June 2021 01:45 PM
Army mech. Engineers can take over thousands of wrecked buses from CTB depots and recondition them. But should not return the to CTB. Instead government should grant route permits to Army for them to enter public transport sector in order to challenge CTB
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd