රටේ ප්‍රධානීන් විදේශගත නිසා රට අරාජිකයි
ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මූල්‍ය ප්‍රතිපත්ති අංශයේ අධ්යක්ෂ ජනරාල්වරයා විදේශගතවී ඇත්තේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගැනීමට තිබෙන අවස්ථාවක බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මේ ආකරයට රටේ ප්‍රධානීන් සියලු දෙනා එකවර විදෙස් ගතවීම හේතුවෙන් රට ආරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිශ්රාමයේ අද (09දා) පැවති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා මාසයකට අධික කාලයක් විදෙස් ගතව සිටින බවයි.

popular news
-
රත්නසේන Tuesday, 09 October 2018 10:45 PM
රටේ ප්‍රධානින් (ජනපති-අගමැති) දෙදෙනාම පත් වු දින සිට රට අරාජිකයි - මේ දෙන්නා රටින් පිට වුනා කියලා වෙනසක් නැහැ!
Reply : 0 1
Saththaya Wednesday, 10 October 2018 07:38 AM
රටේ ගුවන් යානා තනිකර අරගෙන , නිලියන් පටවාගෙන ගිහින් කෝටි ගණන් රටට අහිමි කර නැහැ නේද ? ගුරුවරයෙක් කියන්නේ යහපත් පුරවැසියන් නිර්මාණය කරන කෙනෙක් . මේකද ළමුන්ට දෙන ආදර්ශය ? රටට තිබුණු ගුවන් සමාගමත් බංකොලොත් කළා . ඒ මුදලින් අයවැය පරතරයත් පියවන්න තිබුනා . පිස්සු නැතිනම් හරි ෂෝක්. දැන් හරි හදිස්සිය් බලය අල්ලන්න නඩුවලින් බේරෙන්න . දෙමව්පියන්ගේ බුදලයනේ මේ රටේ තියෙන්නේ .
Reply : 0 260
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

