ADA
www.ada.lk
2025 මැයි මස 05 වන සඳුදා
වත්මන් ආණ්ඩුවෙන් ඉවත් නොවී රාජ්‍ය නායකයා වීමට කල්පනා කරන්නැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටින බව ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (31දා) පැවසීය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේ අද සවස පැවති සුවපති අභිෂේකය උත්සවය ඇමතු මහාචාර්යවරුන් වන කාලෝ ෆොන්සේකා හා සරත් විජේසූරිය යන මහත්වරුන් විසින් රාජ්‍ය නායකයා වීම සම්බන්ධව කල්පනා කරන්නැයි රාජිත සේනාරත්න මහතාගෙන් ඉල්ලා සිටි අවස්ථාවේදී ඊට පිළිතුරු දෙමින් ජනාධීපතිවරයා මේ බව කියා සිටියේය.
“මහාචාර්යතුමාලා දෙපලගේම කතාවේදී ඉඟියක් කළා.මා හිතවත් කාලෝ ෆොන්සේකා මහාචාර්යතුමා කිව්වා පළමු සෞඛ්‍ය ඇමති එස්.ඩබ්ලිව්.ආර්.ඩී.බණ්ඩාරනායක මහතා ඉන්න තැනින් එළියට ඇවිත් රටේ රාජ්‍ය නායකයා වුණා කියලා. ඒ වගේම එතුමා කිව්වා වර්තමාන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත් සෞඛ්‍ය ඇමති විදියට ඉඳලා ඉන්න තැනින් එළියට ඇවිල්ලා රාජ්‍ය නායකයා වුණා කියලා. එම කරුණ හොඳයි මම ආශිර්වාද කරනවා. ඉන්න තැනින් එළියට ගිහින්ද,ඉන්න තැන ඉඳගෙනද කියලා මට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ගැනත් හිතන්න කියලා සෞඛ්‍ය ඇමතිවරයාට කියනවා.රාජිත සේනාරත්න මහතාගේ දක්ෂතාවයන්, හැකියාවන්, නිර්මාණශීලිභාවයන්, අවංකම, එඩිතරකමට සුබ පතනවා“යනුවෙන් පවසා සිටියේය.
රාජිත සේනාරත්න මහතාට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය ලැබීම නිමිත්තෙන් උපහාර දැක්වීම සඳහා සංවිධානය කර තිබුණු මෙම උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන්, සෞඛ්‍ය කේෂ්ත්‍රයේ බොහෝ පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ශමීර රාජපක්ෂ
popular news
කම්කරු දිනයට සිල්ලරට මත්පැන් අලෙවි කිරීමේ ස්ථාන වැසේ
ජවිපෙ තමයි ලංකාවේ දූෂිතම පක්ෂය
තායිලන්තයේ සිට ලංකාවට රැගෙන ආ සත්තු කටුනායකින් පන්නන්න බැරිවෙයි
දේශබන්දුට කන්ජිපානිගෙන් මරණ තර්ජන
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල අඩු කෙරේ
මව වෙනුවට දරුවා පොලිස් භාරයට ගත්තාද? පොලීසියෙන් පැහැදිලි කිරීමක්
sam Tuesday, 31 July 2018 08:40 PM
ආප්ප කාලා අවනම් හොදයි නේද?
Reply : 0 1
munasinghe Wednesday, 01 August 2018 09:09 AM
ඔබ තුමාට පුලුවන්ද ඊලග ජනාධිපතිවරණයට ඉල්ලන්න. එහෙම වුනොත් ඔබ තුමා ට විරුද්ධව පොල් පිත්තක් ඉල්ලුවත් දිනනව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd