රටේ දෛනික එළවළු හා පලතුරු විනාශය සියයට 40 ඉක්මවයි
රටේ එළවළු හා පලතුරු වල දෛනික පසු අස්වනු හානිය 40% ඉක්මවන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිණි.
ගොවියාගේ සිට පාරිභෝගිකයා දක්වා එළවළු සහ පලතුරු ළඟාවන විට ඉන් 40%ක් පමණ විනාශ වන බවත්, ඒ සඳහා ගොවියා හා වෙළෙන්දා ඉදිරියේදී පසු අස්වනු තාක්ෂණයෙන් සවිමත් කළයුතු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පසු අස්වනු තාක්ෂණ පිළිබඳ ගොවියා දැනුවත් කිරීම සඳහා පළමුව කෘෂි පර්යේෂණ නිලධාරින් සඳහා පුහුණු වැඩමුළු පැවැත්විය යුතු බවත්, ඒ සඳහා ඉදිරියේ දී නව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් නිලධාරින්ට උපදෙස් ලබාදෙන ලදී.
කෘෂි නවීකරණ ව්‍යාපෘතිය සිදු කිරීමේ දී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් රටපුරා ඇති ගොවිපලයන්හි භූමිය ද ගොවීන් වෙනුවෙන් ආදර්ශන වගා ව්‍යාපෘති ආරම්භ කිරීමට වෙන්කිරීම තුළින් ගෙවිපල සංවර්ධනය මෙන්ම නිලධාරී පුහුණුවත් ගොවීන් පුහුණුවත් ඉතා සාර්ථකව සිදු කළ හැකි බව අමාත්‍යවරයා මෙහිදී කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරින්ට පැවසීය.
ඒ අනුව ඉදිරියේදී කෘෂි නවීකරණ ව්‍යාපෘති සඳහා රට පුරා විසිරී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපලයන්හි භූමිය ගොවීන් සඳහා ආදර්ශන ව්‍යාපෘති වෙනුවෙන් තාවකාලිකව වෙන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම මෙරට අවශ්‍යතාවය වෙනුවෙන් විදේශයෙන් ආනයනය කරනු ලබන බෝග මෙරට අවශ්‍යතාවයට සරිලන පරිදි කෘෂි නවීකරණ ව්‍යාපෘතිය හරහා ප්‍රචලිත කිරීම සඳහා ක්‍රියා කරන ලෙස කෘෂි නවීකරණ ව්‍යාපෘතියේ අධ්යක්ෂවරයා වෙත අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදී.
කෂිනි හපුආරච්චි

popular news
-
Kumar Saturday, 04 May 2019 06:47 AM
ලංකාවේ ජනයා එළවලු කන්න හොරයි. පිගානට බත් කන්දක් බෙදාගෙන එළවලු වියන්ජන බෙදාගන්නේ සුළුවශයෙන්. අපි ප්රුදුවී ඇත්තේ බත් ටිකකට එළවළු වැඩිය කන්නයි.සමර අවස්ථාවලදී මගේ කාම දකින අය සිනහවෙනවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

