රටේ අවදානම් තත්ත්වය තේරුම් ගෙන කටයුතු කරන්නැයි නිලධාරීන්ගෙන් හා වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
සෑම සේවකයෙකුම පැය 08ක් රැකියාවේ නිරත වීම අවශ්‍ය නොවන බවත්, පැය 06ක් නිසි ලෙස වැඩ කළහොත් සෑම ආයතනයක්ම ඉහළට ඔසවා තැබිය හැකි බවත් ඇමතිවරයා සඳහන් කළේය.
වෘත්තීය සමිතිවල හා සේවකයන්ගේ සාධාරණ ඉල්ලීම් ගැන තමා අවධානය යොමුකරන බවත්, සියලු දෙනා වැඩි මහන්සියෙන් වැඩ කිරීමට උත්සාහගත යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
ආයතන තුළ කාර්යක්ෂ්මතාව ඉහළින්ම තබාගැනීම අතවශ්‍ය බවත්, පැවරුනු වැඩ කොටසට වඩා වැඩි කොටසක් රට වෙනුවෙන් කිරීමට සූදානම් විය යුතු බවත් හෙතෙම පැවසීය.
තමාගේ අමාත්‍යාංශයට ලබාදී ඇති ආයතන පාඩු නොලබන තත්ත්වයෙන් ඉදිරියට ගෙනගියහොත් මුළු රටම දියුණු කළ හැකි බවත්, කෝප් කමිටුව තුළ මෙම ආයතන පිළිබඳ සිදුකළ විමර්ශන ගැන තමන්ට අවබෝධයක් තිබෙන බවත් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.
