මහාමැතිවරණයෙන් පසුව ඇතිවන තත්ත්වය සලකා බලා බොදු බල සේනා සංවිධානය විසුරුවා හරින බව බොදුබල සේනා සංවිධානයේ මහාලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසුහ.
මාතර , මිරිස්ස ප්‍රදේශයේ පැවති ආගමික උත්සවයකට සහභාගි විමෙන් අනතුරුව උන්වහන්සේ මෙසේ පවසන ලදි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඥානසාර හිමියෝ,
"අපි කිව්වේ තවදුරටත් සංවිධානයක් වශයෙන් දඟලන්න කෑගන්න ඔන වෙන එකක් නෑ කියලා. දිර්ඝ කාලයක් තිස්සේ අපි හදපු මතය ජයග්‍රහණය කරලා තියෙනවා. ඇත්ත වශයෙන්ම අපිට දැන් තනි තනියෙන් ජයග්‍රහණය කරන්න ඕන නැහැ. මේ රටයි දිනන්න ඕන. එතකොට යම්කිසි කාලයක් අවශ්‍ය ප්රතිංස්කරණ ක්‍රියාවලියකට යන්න. උදාහරණයක් ලෙස මේ රට විදියට අවුරුදු 2500ක් පැරණි ගොඩැගිල්ලක් වගේ ඒක යළි ප්‍රතිසංස්කරණය කරනකොට මොන වගේ තත්ත්වයක්ද උදාවෙන්නේ අන්න ඒ වගේ තමයි මේ රට කොතන ඉදන්ද හදන්න ඕන. අපි ආකල්ප වලින් දුප්පත් නිසා මෙච්චර කාලයක් පස්සට ගිහින් තියෙනවා. ඒ නිසා දැන් රටේ නීතිය බලාත්මක කරන්න පුළුවන් නායකයෙක් ඉන්නවා. එතුමා ගැන බහුතරයක් ජනතාව විශ්වාසය තියලා තියෙනවා. එහෙනම් ඉදිරි මහා මැතිවරණය තෙක් අපිට බෝහෝ කටයුතු තියෙනවා සම්පුර්න කරන්න.මහා මැතිවරණයෙන් පස්සේ බලනවා පාර්ලිමේන්තුව පත්වෙන්නේ කවුද ඔවුන්ගේ අරමුණු දායකත්වය ලැබෙනවාද කියලා එහෙම ලැබෙනවානම් රටේ ජාතිමාපක බලවේග ක්‍රියාත්මක වෙනවනම් බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින්න කටයුතු කරනවා.
ඒ වගේම එජාප නායකයින්ට කියන්න ඕන ගෙදර වැඩ කරලා එන්න කියලා . ඒ වැඩ ඉවර කරගෙන කවුරුහරි සුදුසු කෙනෙක් පක්ෂ නායකත්වයට ගත්තනම් හොඳයි. ඒ නිසා මේ වෙලාවේ කාටවත් ගුණ අගුණ කියන්න වෙලාව නෙමෙයි.ඒ අය පරාජිතයි. ඉතින් .ඉතින් ඒ අත්දැකිම් පාදක කරගෙන ජයග්රාහි මාවත විවිර කරගන්න බොහෝ වෙහෙස මහන්සි වෙන්න ඕනි කියන එකයි අපේ කල්පනාව" යැයි ඥානසාර හිමියන් වැඩිදුරටත් පැවසීය.
