රටවැසියන් අමුඅමුවේ ඝාතනය කරන යුගයක් යළි ගෙන එනවා නැද්ද යන්න තීරණය කළ යුත්තේ ජනතාව විසින්ම බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඊයේ (27) දින පොදුජන පෙරමුණේ පැවති රැස්විමකට එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂනායකවරයා,
"ශ්‍රී ලංකාවේ දැවැන්තම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළේ සමස්තයේම කැමැත්ත අනුවයි. වත්මන් රජය බලයට පත්වූ අවස්ථාවේ සිට මෙ රට සෑම අංශයකම දකින්න තිබෙන්නේ පසුගාමී තත්වයක්. අපේ පාලන කාලයේදී රුපියල් 1500ට තිබුණු ගම්මිරිස් කිලෝව දැන් රුපියල් 400යි. කරාඹු, සාදික්කා, ආදී අපනයන බෝග ගොවියන් මෙන්ම සත්ව පාලනයේ නිරත ගොවියන් ද දැඩි අසීරුතාවයට පත්ව සිටිනවා. ඔබ ඇමතූ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ සිය අනාගත දැක්ම සහ තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳවයි.
මා සුනඛයෙක් වෙලා ඔබ ආරක්ෂා කරනවා කියා ගෝඨාභය මහතා ප්‍රකාශ කළේ නැහැ. සුනඛයාට කියන්නේය බල්ලා. ඌට පිස්සු වැටුණොත් පිස්සු බල්ලා. සමහර වෙලාවට බල්ලන්ට එහෙම වෙනවා. සිරිසගබෝවගේ බෙල්ල දන් දී අනතුරුව මගේ ශරීරයේ සියලුම අංග දන්දෙන බව එම අපේක්ෂකයා කීවා. එම අපේක්ෂකයා කියන්නේ තමන්ගේ පියාගේ අඩි පාරේ යන බවයි. නමුත් එම පාලන සමයේදී ගෝනිබිල්ලන් පැමිණ තරුණ තරුණියන් අතුරුදහන් කළ අයුරු අපිට තවමත් මතකයි. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරන තරුණයන් විසිදෙදෙනෙකු පාලම අසලදී ඝාතනය කළා.
පියාගේ අඩි පාරේ යන එම අපේක්ෂකයා වේදිකාවේ බලා සිටියදී ජනමාධ්‍ය කරුවෙකුට පිරිසක් දැඩි ලෙස පහරදෙනවා අපි මාධ්‍ය තුළින් දුටුවා. ප්‍රශ්නයක් අහන්න ගිය ඔහුට අල්ලාගෙන හොඳටම ගහනවා. අපිට ගැහුව දවසට තමයි බලන්න වෙන්නේ. බියවිය යුතු කණ්ඩායමක් ඉන්නවනම් ඉන්නේ බැංකු හොරු, මංකොල්ලකාරයො, කප්පම් කරුවන් වැනි අයයි. එවැනි අයට මේ රට බාරදෙන්න අපි කවුරුත් සූදානම් නැහැ. ජාතියක් වශයෙන් අනාගත පරපුර රැකගන්න අපට වගකීමක් තිබෙනවා.
අපි බලයට එන විටම ඔවුන් රට අතහැර යතැයි අපිට විශ්වාසයක් තිබෙනවා. අපට යළිත් ඉතිහාසයට යන්න බැහැ. එවන් යුගයක් යළිත් ආවොත් අපේ තරුණ තරුණියන් ඝාතනය කරලා දානවා. එම තරුණයාට පහරදෙනවිට දුටු විට මට මතක් උනේ රිචඩ් සොයිසා නම් මාධ්‍යවේදියායි. ඔහු හෙලිකොප්ටරයෙන් රැගෙන ගොස් ගහලා මුහුදට අතහරිනවා. එම කාලයේදී මම ස්ථාන ගණනාවකට ගොස් ඡායාරූප ගත්තා. ඝාතනය කළ වයස අවුරුදු 13කද රුවකුගේ ඇට කටුරැගෙන ගොස්ම මපාර්ලිමේන්තුවේදී පෙන්වා කතා කළා. මෙන්න ඔබලා විසින් ඝාතනය කරන ලද අය කියා එදාම ම කිව්වා.
අතීතය විසින් පසුකර පැමිණි එවැනි යුගයක් යළිත් ඇති කරන්න බැහැ. වසර තිහක් තිබුණු යුද්ධය අවසන් කර ජනතාවට නිදහස ලබා දුන්නා. දකුණේ ජනතාවට නාගදීපයට ගොස් එහි වදින්නයි යාපනේ ජනතාවට කතරගම ගොස් එහි පුදපූජා කරන්නයි අවශ්‍ය නිදහස සම්පූර්ණයෙන්ම අපි ලබාදුන්නා. ජනතාවට අපි ලබාදුන් නිදහස වසර දහයක් ගත වන විට පාස්කු බෝම්බ ප්‍රහාරයත් සමග සම්පූර්ණයෙන්ම නැති වී ගියා. ජාතික ආරක්ෂාව නැතිවීම සහ රටේ ආර්ථිකය කඩාවැටීම සම්පූර්ණයෙන්ම අපිට දකින්න පුළුවන්.
2015 අපි රට භාරදෙනවිට මුළු ණය ප්‍රමාණය ටිලියන හතක් තිබුණා. යුද්ධය නිමා කර අපි සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් සිදුකළා. නමුත් මෙම රජය අවුරුදු හතර හමාරක කාලය තුළ රුපියල් ට්‍රිලියන හයක ණය මුදලක් ලබාගෙන තිබෙනවා.ඔවුන් මොනවද කළේ? කරපු දෙයක් නැහැ. පාරවල් හැදුවේ නෑ. තිබුණු පාරවල් කැඩිලා. අපි කොළඹ මහනුවර අධිවේගී මාර්ගය 2018 දී නිම කරන්නයි සැලසුම් කර තිබුණේ. නමුත් මේ ආණ්ඩුවට එය සිදුකරගන්න බැරි වුණා. අධිවේගී මාර්ගය මහනුවරට එන්නෙත් නැහැ. අධිවේගී මාර්ග විෂය සම්බන්ධව අමාත්‍යවරයෙක් මහනුවරින් පත් කළා. නමුත් මාර්ගය ඉදි කරගන්න බැරිවුණා නමුත් අපි බලයට පැමිණ මධ්‍යම අධිවේගී මාර්ගය මහනුවර කරා ඉදි කරනවා" යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.