කොවිඩ්-19 වසංගතය මැඬපැවැත්වීම සඳහා අවම වශයෙන් රටවල් සහ බලප්‍රදේශ 120ක් මේ වනවිට එන්නත්කරණය අරඹා ඇති අතර, මේ වනවිට එම රටවල් හා බලප්‍රදේශයන්හි එන්නත් මාත්‍රා මිලියන 291කට වඩා ලබාදී තිබේ.
එන්නත ලබාදීමේ උපායමාර්ගයන් රටින් රටට වෙනස් වන අතර, ඇතැම් රටවල් හැකි ඉක්මණින් එන්නත් කිරීමට යුහුසුළු වනවිට, තවත් රටවල් විශේෂ අවදානමට ලක්විය හැකි කණ්ඩායම්වලට එන්නත් ලබාදීමට උත්සාහ කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නායකයන් විසින් එන්නත් කිරීමේ ව්‍යාපාර සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ අවශ්‍යතාව අවධාරණය කර ඇති අතර ගෝලීය වසංගතයක් අවසන් කිරීම සඳහා ගෝලීය උත්සාහයන් අවශ්‍ය බව සඳහන් කරයි.
එන්නත්කරණයේදී දැනට වඩාත් කැපී පෙනෙන වේගවත්බවක් පෙන්වා ඇති රටවල් සහ බලප්රදේශයන් අතර මුලින්ම සිටින්නේ ජිබ්රෝල්ටාවයි. මධ්‍යධරණි මුහුදට පිවිසුමෙහි පිහිටි ජිබ්‍රෝල්ටාව, බ්‍රිතාන්‍ය පාරසමුද්‍ර බලප්රදේශයකි. එරට මේ වනවිට පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 123ක් (දෙවැනි මාත්‍රාවද සමග) ලබාදී ඇති අතර, දෙවැනි තැන ගන්නා ඊශ්‍රායලය පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 99ක් ලබාදී තිබේ.
දකුණු ආසියානු කලාපයේ වේගවත්ම එන්නත් ලබාදීම මාලදිවයිනේ සිදුව ඇති අතර, එරට පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 25ක් ලබාදී තිබේ. එහිදී ශ්‍රී ලංකාව පුද්ගලයන් 100කට එන්නත් මාත්‍රා 3ක් ලබාදී ඇත.