කොවිඩ්-19 හි අධික සම්ප්‍රේෂණයක් සහිත ඩෙල්ටා ප්‍රභේදය අවම වශයෙන් රටවල් සහ කලාප 98කින් සොයාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අනතුරු අඟවයි.
කෙසේ වෙතත් මෙම ඩෙල්ටා ප්‍රභේදය අඩු හා ඉහළ එන්නත් අනුපාතයක් ඇති රටවල පවා වේගයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පැවසීය.
ස්විට්සර්ලන්තයේ, ජිනීවා නුවරදී මධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෙබ්‍රෙයිසස් පැවසුවේ මෙම ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බවත්, එය අඛණ්ඩව විකාශනය වෙමින් විකෘති වී ඇති බවත්ය.
මේ සඳහා නිරන්තරයෙන් විශ්ලේෂණයන් සිදුකිරීම සහ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වඩාත් පරිස්සමින් සකස් කිරීම අත්‍යවශ්‍ය බවද පෙන්වා දුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා, මූලික මහජන සෞඛ්‍ය පුරුදු නිරන්තරයෙන් පවත්වා ගැනීම සහ වේගවත් එන්නත්කරණය සම්බන්ධයෙන්ද රටවල් උනන්දු කළේය.