දින්නන පුළුවන් නායකයා විදියට සජිත් ප්‍රේමදාස මහතා අද රටේ මිනිස්සුන්ගේ ඉල්ලීම වී ඇත බවද එතුමත් එක්ක තනි ගමනක් නොව අගමැතිවරයා ඇතුළු පක්ෂ නායකයින් සියලුදෙනාගෙම සහාය ලබාගෙන ඉදිරියට යා යුතු බව ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
ගාල්ලේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවක ඔහු මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා,
“පක්ෂයක් විදියට පක්ෂය විසින් සන්ධානයක් ගොඩනගලා ඒ සන්ධානයෙන් ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක ඉතාමත්ම ඉක්මනින් ප්‍රකාශයට පත් කල යුතුව තියෙනවා.
මේ වන විට රට ඉල්ලන ජනතාව ඉල්ලන නම තමයි සජිත් ප්‍රේමදාස මහතා. ඒ වගේම තමයි මේ වැඩපිළිවෙල ඉස්සරහට ගෙනයන්න තනි පුද්ගලයකුට තනියෙන් මේක කරන්න බෑ සියලු දෙනා එකට එකතු විය යුතුයි.
අගමැතිතුමා අනික් නායකයෝ පාඨලී චම්පික රණවක මහතා, රාජිත සේනාරත්න මහතා, සියලු දෙනා එකතු කරගත්තු ප්‍රබල සන්ධානයකට තමයි මේ ගමන ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා සියලු දෙනාගේම එකඟත්වයෙන් සියලු දෙනාගෙම ඒකමතියෙන් දිනන්න පුළුවන් නායකයෙකු අවශ්‍යයි.
ඡන්දෙට නිකන් ඉදිරිපත් විය යුතු නායකයෙකු නෙවෙයි දිනන්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි. තනි ආණ්ඩුවක් හදලා ඉදිරියේ තනි ආණ්ඩුවක් වශයෙන් රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් නායකයෙක් අපිට ඕන කරන්නේ. තනි ආණ්ඩුවක් හදලා ඉදිරි අවුරුදු දහයකට පහලවකට ශක්තිමත් ආණ්ඩුවක් ඉස්සරහට ගෙනයන්න අපේ ජනාධිපතිවරයෙක්, අපේ ආණ්ඩුවක් පත් කරගන්න අපේ මිනිස්සුන්ට වැඩ කරන්න අපිට ඕනේ දිනන්න.
එහෙනම් දිනන්න පුළුවන් ගමනක් අවශ්‍යයි. වැඩ කරන්න පුළුවන් කණ්ඩායමක් සමග ඉස්සරහට යන්න පුළුවන් නායකයෙක් අවශ්‍යයි. තනි ගමන් වත් පුද්ගලික ඇජෙන්ඩාවත් නැතිව පොදුවේ පාක්ෂිකයා රකින ගමනක් වෙනුවෙන් ඉක්මන් තීරණයක් දැන් අවශ්‍ය වෙනවා.
ඒ ඉක්මන් තීරණයත් එක්ක මේක එකතු කරගෙන ඉදිරියට යන්න පුළුවන්කම ලැබේවි. අපි විශ්වාස කරනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉතාමත්ම බුද්ධිමත් තීරණයක් හෙට අනිද්දාම ගනීවි කියලා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.