ඉදිරියේදී රටට අවශ්‍ය කොන්ද කෙළින් තබාගෙන වැඩ කළ හැකි නායකත්වයක් බවත්, ප්‍රශ්න හමුවේ බියෙන් පැන යන නායකත්වයක් නොව, රටේ ඕනෑම ප්‍රශ්නයකට සෘජුව මුහුණදිය හැකි එඩිතර නායකත්වයක් බවත්, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික්කයේ, වත්තල නගරයේ පැවති ජන හමුවට ඊයේ (29) දින එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.
“වත්තල ප්‍රදේශයේ ජනතාවට පවතින ප්‍රධාන ප්‍රශ්නයක් වන කුඩු ජාවාරම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන්ම නැති කරන්නේ සජිත් ප්‍රේමදාසගේ යුගයෙදී බව කියන්න කැමතියි. කප්පම් ගැනීම්, මිනීමැරු, ස්ත්‍රී දූෂණ, ළමා අපයෝජනය මෙරටින් සහමුලින්ම ඉවත් කර විනයගරුක, නීතිගරුක, මනුස්සත්වයෙන් පිරි මාතෘ භූමියක් නිර්මාණය කරනවා.
වත්තල ප්‍රදේශයේ පහත් බිම් ප්‍රදේශ වල ජීවත් වන ජනතාව දහස් ගණනක් ගංවතුර ප්රශ්නය නිසා දුක්විඳිනවා. ඒ වගේම වත්තල නාගරික ප්‍රදේශයේ නිවාස නොමැතිව පවුල් විශාල ප්‍රමාණයක් පීඩාවට පත්ව සිටිනවා. වත්තල ප්‍රදේශය ඇතුළුව නිවාස ගැටලුවට මුහුණ දෙන මෙරට සියලුම ජනතාවගේ නිවාස ගැටලු විසඳීම සඳහා මහල් නිවාස ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරනවා.
කලාප හතරකින් සමන්විත වත්තල නගරයට එක් ජාතික පාසලක් පමණයි තිබෙන්නේ. අපේ රජය යටතේ සෑම කලාපයකටම ජාතික පාසලක් බැගින් ලබා දීමට කටයුතු කරන අතර පවතින පාසල් වල පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කරනවා. ද්‍රවිඩ ප්‍රජාවගේ පාසල් ගැටලු සඳහා විසඳුම් ලබා දීමට කටයුතු කරනවා. ධීවර ප්‍රජාව සඳහා සහනාධාර ක්‍රමයට ධීවර ආම්පන්න සහ උපකරණ ලබා දී සියලුම ධීවර පවුල් සවිබල ගැන්වීමට කටයුතු කරනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.