චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රධාන ලේකම් ෂී ජින්පිං චීන කොමියුනිස්ට් පක්ෂය සහ ලෝක දේශපාලන පක්ෂ සමුළුවේ ප්‍රධාන දේශනය වීඩියෝ සබැඳියක් හරහා අමතමින් මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන ජනාධිපතිවරයා,
"සියලු මනුෂ්‍ය වර්ගයාගේ යහපැවැත්මට යන මාවතේ කිසිදු රටක් හෝ ජාතියක් අත් නොහැරිය යුතුයි. සංවර්ධනය සඳහා ඇති අවස්ථා සහ අයිතිවාසිකම් සඳහා සියලු රටවල් හා ජාතීන්ට සමානව හිමිකම් පවතිනවා." සබඳතා ශක්තිමත් වූ අනාගතයක් සහිත ගෝලීය ප්‍රජාව පිළිබඳ අදහස වැලඳ ගන්නා ලෙස ෂී දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.
"ස්වල්ප දෙනෙකුගේ සුවිශේෂී වරප්‍රසාදයකට වඩා ප්රජාතන්ත්රවාදය සියලු ජනතාවගේ අයිතියයි. එක් ඒකාකෘති ක්‍රමයක් වෙනුවට, ප්රජාතන්ත්රවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා විවිධ ක්‍රම සහ මාධ්‍යයන් පවතිනවා. රටක් ප්‍රජාතන්ත්‍රවාදීද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ලබාදිය යුත්තේ එහි ජනතාව විසින් මිස අතළොස්සක් විසින් නොවෙයි. යහපැවැත්ම සඳහා විවිධ මාවත් ඇති අතර, සෑම රටකම ජනතාවට තමන්ගේ සංවර්ධන මාවත සහ ආයතනික ආකෘති තෝරා ගැනීමට අයිතියක් තිබෙනවා." ඔහු අවධාරණය කළේය.
කොවිඩ්-19 වසංගතය දේශපාලනීකරණය කිරීමට හෝ වෛරසයට භූගෝලීය ලේබලයක් ඇමිණීමේ න්‍යායට විරුද්ධ වන ලෙස ෂී ලොව පුරා දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේය.
"දැනට පවතින කොවිඩ්-19 හමුවේ, අප විද්‍යාව පදනම් කරගත් ප්‍රතිචාර දැක්වීමේ ප්‍රවේශයක් සමග ඉදිරියට යා යුතුයි. විවිධ රටවල ඇතිවී තිබෙන ප්‍රතිශක්තිකරණ පරතරය පියවීම සඳහා සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි." ෂී පැවසීය.
චීනය කිසි විටෙකත් ආධිපත්‍යය, ව්‍යාප්තිය හෝ බලපෑම් ඔස්සේ කටයුතු කරන්නේ නැහැ. අප සෑමවිටම සංවර්ධනය වෙමින් පවතින රටවල සාමාජිකයෙකු වෙනවා." බහුපාර්ශ්වීය ලෙස කටයුතු කරමින්, ඒකපාර්ශ්වික භාවිතයට විරුද්ධ වීමට සාමූහික ප්රයත්නයන් ඔහු ඉල්ලා සිටියේය.
තමන්ගේම ජාතික යථාර්ථයන්ට ගැලපෙන නවීකරණයේ මාවතක් ගවේෂණය කිරීමට සෑමරටක්ම දරන උත්සාහයට ගෞරවය හිමිවිය යුතු බව ෂී පැවසීය.
"නවීකරණයේ මාවතට පැමිණෙන විට ස්ථාවර ආකෘතියක් නැහැ. ඔබට හොඳින් ගැලපෙන එක ඔබට හොඳින් සේවය කරනු ඇති. සපත්තුවලට සරිලන පරිදි පාද කැපීම කොතැනකවත් පවතින්නේ නැහැ" ඔහු පැවසීය.
ආර්ථික ගෝලීයකරණය දැන් ප්රතිරෝධයට වඩා වේගවත් බවක් පෙන්නුම් කරන බව පැවසූ චීන නායකයා, රටවල් සහයෝගීතාව සඳහා විවෘතව පවතින ප්‍රවණතාව නොවෙනස්ව පවත්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය කළේය.
ලොව පුරා දේශපාලන පක්ෂ සමග සන්නිවේදනය වැඩි දියුණු කිරීමට සහ ආර්ථික ගෝලීයකරණය ඒකාබද්ධව වඩාත් විවෘත, සියල්ල ඇතුළත්, හවුල්, සමබර හා ජයග්‍රාහී දිශාවකට යොමු කිරීමට චීන කොමියුනිස්ට් පක්ෂය කැමැත්තෙන් සිටින බවද චීන ජනපති ෂී ජින්පිං වැඩිදුරටත් පැවසීය.