රට හමුවේ ඇති ත්‍රස්ත ප්‍රහාර වැලැක්විමට අවශ්‍ය නායකත්වය දෙනවා - ජනපති
රට හමුවේ මතුව ඇති ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලූ ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ඊට අවශ්‍ය නායකත්වය පහසුකම් සහ ම`ගපෙන්වීම නොම`දව ලබාදීමේ වගකීම තමා ඉටුකරන බව ජනාධිපතිතුමා පවසයි .
ඔහු මේ බව ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සම`ග අද (25) පස්වරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ හමුවකට එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිතුමා,
රට තුළ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ගෙවී ගිය දින කිහිපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලූදෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිතුමා රටේ සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම පැහැදිලි කළේය.
රට තුළ මතුවූ බලාපොරොත්තු නොවූ මෙම හදිසි තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුහුණදීමට සිදු වුවත් ශ්‍රී ලංකා ජාතියේ අතීත අත්දැකීම් මෙන්ම නොමඳ ජාත්‍යන්තර සහය හමුවේ එම අභියෝගය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවට ජනාධිපතිතුමා මෙහිදී විශ්වාසය පළ කරන ලදී.
ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඉකුත් සිවු වසරේ දී රට තුළ තහවුරු කළ ප්රජාතන්ත්රවාදය සහ නිදහස සම`ග මෙම අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ කවුරුන් කුමන ආකාරයේ විග්රහ විවේචන සහ මත පළ කළ ද මෙම සිදුවීම පිළිබඳ සැබැ අවබෝධයකින් අවංකව සහ රට ගැන හැගීමකින් යුතුව කටයුතු කිරීම සියලූදෙනාගේ වගකීම බවයි.
කෂිනි හපුආරච්චි

popular news
-
upul Thursday, 25 April 2019 04:09 PM
දීපු නායකත්ව ය වැඩි වෙලා ඉන්නේ අපිට. තව නම් නායකත්වය එපා ඔයාගේ. සංහිදියාව කියා කියා සුළු ජාතින්ව පිම්බුවා. දැන් මේ රටේ මහා ජාතියටවත් නිදහසේ ඉන්ඩ නැ. චන්ද වලට පෙරේත කමේ රට විනාස කලා. රටේ මිනිස්සුන්ට ආරක්ෂාව දෙන්ඩ බැරි ඔය විදායක ජනාදිපති කම දීල පව් නොදී ගෙදර යන්ඩ. ලෝකේ පුරා සවාරි ගහ ගහ fun ගන්නවා. 2015 දී කියපුව දැන් මතක නැ. අපි වවමු කිව්වට වවල තියෙන්නේ බෝම්බද කොහෙද. එතරම් බෝම්බ හම්බු වෙනවා රටේ. කාලෙන් කාලෙට ගොන් ආතල් concept දාල මිනිස්සුන්ව නොමග යවනවා. බක් මහා දිවුරුමි කියා කියා මේ මාසේ මිනිස්සු ගොනාට ඇන්දුවා. දැන් බොරුවට නායකත්වය දෙන්ඩ කතා කරනවා.
Reply : 0 12
අයි. නන්දික Thursday, 25 April 2019 04:45 PM
ජනාධිපතිවරයා විශ්වාස කළ නොහැකියි. ඔහු කියන දේවල්ද විශ්වාස කළ නොහැකියි. ඔහු පමණක් නොව, මේ රටේ කිසිම දේශපාලඥයෙකු තව දුරටත් විශ්වාස නොකළ හැකි අය බව සමාජය අවබෝධ කරගෙන අවසානයි. ඉදිරි මැතිවරණවලදී ඔවුන් සියලු දෙනා මේ බව තේරුම් ගනීවි.
Reply : 0 2
Kumar Thursday, 25 April 2019 07:31 PM
ඔබතුමා ලංකාවේම ඉන්නවනම් ඔය කියනදෙය කරන්න පුළුවනි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

