රට හැදීමේ අභියෝගය භාර ගැනීමට සූදානම් බවත්, එළඹෙන 18 වැනිදා ඊට අදාළ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
මහජනතාවගේ ජීවත්වීමේ නිදහස රටේ ආරක්ෂාව තහවුරු කිරීමට ආණ්ඩු දෙකටම නොහැකි වූ බවත්, එම නිසා කොළ පාටත්, නිල් පාටත්, අලුත් හොරුත් රටට අනවශ්‍ය බවට ජනතාව සඳහන් කරන බවත් එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේ ය.
මේ නිසා රට ගොඩනැගිය හැකි විකල්ප බලයක් රටට අවශ්‍ය බව ජනතාව ඉල්ලා සිටින බවත්, මේ නිසා මේ මස 18 වන දින විකල්ප බලය එළිදක්වන බවත් කියා සිටියේය.
මේ අනුව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන බවද අද (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.