සෑම පළාතකටම ළමා රෝහලක් ඉදිවිය යුතු යැයි තමන් තරයේ විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද දින පැවැසීය.
කොළඹ සහ මහනුවරට පමණක් දැනට සීමාවන ළමා රෝහල් මින් ඉදිරියට එක් පළාතකට එක් ළමා රෝහලක් ලෙස සංවර්ධනය කොට පවත්වාගෙන යෑම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි අගමැති සඳහන් කළේය.
ලෝක ළමා දිනය හා රිජ්වේ ආර්යා ළමා රෝහලට වසර 125ක් සැපිරීමට සමඟාමීව මහල් නවයකින් යුතු දැඩි සත්කාර හා ශල්‍ය වාට්ටු සංකීර්ණයට මුල් ගල තැබීම සහ ඇට මිඳුළු බද්ධ කිරීමේ ඒකකයහා නව ශල්‍යාගාර සංකීර්ණය විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මේ බව පැවැසීය.