හෙට දින (11) රට විවෘත කිරීමෙන් පසු අනවශ්‍ය අයුරින් නගර වලට එක් රැස් වීමෙන් වළකින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව සෞඛ්‍ය අමාත්‍යතුමිය පවසයි.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙම අදහස් පළ කරන ලද්දේ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය -
“හෙට දින රට විවෘත කිරීමෙන් රජය කාරණා 02 ක් බලාපොරොත්තු වනවා. පළමු කාරණය ආර්ථිකය යළි පණගැන්වීම සදහා පුද්ගලික අංශය විවෘත කිරිම, දෙවැන්න ආර්ථිය පණගැන්වීම සදහා රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම. හෙට දින ජනතාව අනවශ්‍ය කාරණා සදහා නගරවලට පැමිණිම අපි බලාපොරොත්තු වන්නේ නැහැ. බණ්ඩාරනායක, සුදුවැල්ල අවධානම් කලා පයේ හා ඒ අවට කිසිදු තැනක සබැදි ආසාදිතයින් වාර්තා වන්නේ නැහැ. පසුගිය සතිය පුරා ප්‍රජාව තුලින් රෝගීන් මතුවීම පෙනෙන්න නැහැ. විශේෂයෙන් වැලිසර නාවික හමුදාවේ එම කදවුරෙන් සහ එම කදවුරට සම්බන්ධ ළගම ආශ්‍රිතයින්ගෙන් හැරෙන්නට සමාජය තුල රෝගීන් මතුවීමක් දකින්නට ලැබෙන්නට නැහැ. මෙවැනි තත්ත්වයන් සැලකිල්ලට ගෙන තමයි රජය තීන්දු කළේ රටේ ආර්ථීකය නැංවීම සහ පණගැන්වීම සදහා හෙට දින රට විවෘත කිරීමට. හෙට දින සිට අනවශ්‍ය අයුරින් නිවසින් පිටතට යාම සහ නගර වෙත එක්රැස්වීම සිදු නොකරන ලෙස අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම නාවික හමුදාවේ මහතුන්ගේ නිවෙස්වල සිටින පිරිස් සහ රෝගීන් ලෙස වාර්තා වූ සියලු දෙනාගේ නිවෙස් වල අයත් ඔවුන්ගේ කිට්ටු සබදතා තිබෙන අයත් අපි නිරෝධායනයට ලක් කර තිබෙනවා. ඔවුන් නිරෝධායනයට ලක් වී සිටී නම් රට විවෘත කිරීමෙන් පසු නිරෝධායන කොටසින් අයින් වෙලා සැරිසැරීමට කිසිදු හැකියාවක් නොමැති බව සිහිපත් කරන බවත්, එය ඔවුන්ගේ වගකීමක් ලෙස සලකා කටයුතු කළ යුතු බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මෙහිදී වැඩිදුරටත් පැවැසීය.