රට භයානක තත්වයකට ගමන් කරමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ආශු මාරසිංහ මහතා පැවසිය .
ඊයේ (26) මාතරදි මාධ්‍ය වෙත අදහස් පලකරමින් හෙතෙම මෙසේ පැවසිය .
එහිදි අදහස් පලකල ඒ මහතා ,
‘‘ එක්සත් ජාතික පක්ෂය විදියට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අපි විරුද්ධ වෙනවා . ඒ සම්බන්ධව දැනටමත් හිතවත් පක්ෂ කි‍්‍රයාකාරින් අධිකරණ කි‍්‍රයාමාර්ග වලට ගිහින් තියෙනවා . මොකද මේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය කියන්නේ ජනතාවට ලබා දුන් පරමාධිපත්ර්ය බලය තවදුරටත් හැල්ලූ කරලා අඩු කිරිමක්. ඒ නිසා මම විශ්වාස කරනවා ජනතාව පරමාධිපත්ර්යට ලබා දුන් බලය තුනෙන් දෙකක ජන්දයෙන් විතරක් නෙමෙයි ජනමත විචාරකයක් තියන්න ඔ්න . 20 ඔ්නද නැද්ද කියලා තිරණය කරන්න . ඒ නිසා ජනතාවට ලබා දුන් පරමාධිපත්ර්ය බලය හැල්ලූවට ලක්කිරිම අතිශය ඛේදජනකයි . එජාපය විදියට විරුද්ධත්වය දක්වනවා . 20 වන ව්‍යවස්ථාවට එරෙහිව විරෝධතා ව්‍යාපාරවල දිගින් දිගටම නියැලෙනවා . එකාධිපතියෙක් හදන එක රටට අතිශය භයානක තත්ත්වයක් ’’ යැයි පැවසිය.
අද වනවිට ඒ වගේ ඒවයි සෙවනැලි ඇවිත් තියෙනවා . උදාහරණයක් විදියට විශ්ව විද්‍යාල වලටත් අතපොවලා තියෙනවා . සෞන්දර්යය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහත්මා මහාචාර්ය පදවියෙන් සහ සියලූ තනතුරු වලින් නෙරපලා තියෙනවා . හේතුව එතුමා උපකුලපති දුරය සදහා අයදුම් කිරිම කියන කාරණය තමයි සදහන් වෙන්නේ .
අතිතයට බලපැම් සම්බන්ධ පරික්ෂණ කරලා තමයි එතුමා නෙරපලා තියෙන්නේ . මේ හරහා අපි දකිනවා ආණ්ඩුව මර්දනයට ලැස්ති වෙනවා . ඒ වගේම මේ දවස්වල කතා කරනවා සර්කියුලෝ ගැන . ඒ කියන්නේ මම මොනෙවහරි කිවුවොත් එක තමයි සර්කියුලර් . සර්කියුලෝ සර්කියුලර් බවට පත්වෙලා තියෙනවා . රට මහා භයානක තත්ත්වයකට ගමන් කරමින් තිබෙනවා’’ යැයි මාරසිංහ මහතා වැඩිදුරටත් පැවසිය .