රටක් තුළ එක් නිතියක් තිබිය යුතු බවත්, එම නීතිය තුළ මේ රටේ සිංහල දමිළ මුස්ලිම් ඇතුළු සියලුම ජාතින් එකට එක්වි එම නීතියට ගරු කල යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් ප.ම සි බි රත්නායක මහතා පැවසිය.
සි බි රත්නායක මහතා මේ බව කියා සිටියේ මස්කෙළිය ආසනයේ තරුණ තරුණියන්ට ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණයේදි ජන්ද දායකයන්ගේ තොරතුරු එක් රැස් කිරිම සදහා ඊ තාක්ෂණ ය භාවිතා කිරිම පිළිබඳව දැනුවත් කිරිම සදහා ඊයේ (7) දින හැටන් ප්‍රදේශයේ වැඩ මුළුවකට සහභාගි වෙමිනි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු සි බි රත්නායක මහතා ,
දැන් අපේ රට අරාජික වෙලා තියෙනවා. අපිට අපේ ආරක්ෂාව පිළිබදව ගැටලුවක් තියෙනවා. මේ පසුගිය 21 වෙනිදා සිදුවු බොම්බ සිද්ධියේ මේ රටේ ආණ්ඩු වෙනස් කරන්නේ 60% විතර මධ්‍යම ප්‍රාන්තික අය . මේ මධ්‍යම ප්‍රාන්තික ජනතාව ඔවුන්ගේ ආණ්ඩු වෙනස් කරන්න කැප වෙන්නේ ඔවුනට තියෙන පිඩනය බලාපොරොත්තු ඔවුන්ගේ ගමේ සංවර්ධනය තරුණයන්ගේ අනාගතය ගැන හිතලා ආණ්ඩු වෙනස් කරන්න සුදානම් වෙනවා.
මේ කාරණේ 2015 දි වුණා, 2015 දි මේ යුද්ධයෙන් නිදහස් රටක් බවට පරිවර්තනය කරලා එ වගේම ගම් දනවු වල සංවර්ධනය ඇති කරලා වතුකරයේ සංවර්ධනය ඇති කරලා එ ජනතාවට ජනතා අභියෝගයේ ජයග්‍රහණය කරන්නට මං පෙත් විවර කෙරුවා.
මේ මං පෙත් විවර කරනකොට වතු ක්ෂේත්රය අය හිතුවා ඔවුන්ගේ පක්ෂයෙන් කරනවා කියලා. අදත් සමහර අය කියන්නේ ඔවුන්ගේ පක්ෂයෙන් කරනවා කියලා. පක්ෂයෙන් කරනවට වඩා ආණ්ඩුවෙන් මේක කරන්නේ කියලා මතක තියා ගන්න ඕනි. මොකද මමත් වතු යටිතල පහසුකම් අමාත්‍යවරයා විදිහට හිටියා.
මම සිංහල භාෂාව කතා කරන නිසා සමහර වෙලාවට එක අගයක් නැති වෙන්න ඇති. එකේ ප්‍රතිඵලය තමයි වතු ක්ෂේත්රයේ සිටිය ලයින් කාමරයේ ජිවත් වෙච්ච ඒ තරුණයා ඔවුන්ට පාසලේ ගුරු පත්විම් 3148 ක් මට දෙන්න පුළුවන්කම ලැබුණා.
කොන්ක්‍රිට් පාරවල් සංකල්පය රෝහල් ආණ්ඩුවට අරගෙන එ පහසුකම් ලබා දිම , අධ්‍යාපන ක්ෂේත්රය නව නැම්මකට ගෙනි යන්න හැම වත්තකටම විදුලිය ලබාදෙන, සංකල්පය අපි ඉස්සරහට අරගෙන ගියා.
මේ සංකල්පය අවුරුදු ගණනාවක් යා යුතු නැ. මේ රටේම පුරවැසියෝ මේ අවස්ථාව සලසා ගන්න ඕනි. මේක සලසා ගන්න යනකොට නැවත වරක් ඔවුන් ඔවුන්ගේ වර්ගය සදහා වැඩ කරන්න ඕනි. ඉල්ලිම් මත ක්‍රියාත්මක කරන කාරණය නිසා බහු වාර්ගික දිස්ත්‍රික්කයක් නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන එම ඡන්ද පදනමේදි ඔවුන් එන එක කාරණයක් තමයි අපේ අයට විතරක් ඡන්දය දෙන්න .
මේ සංකල්පය අයින් කරන්න ඕනි ශ්‍රි ලංකිකයෝ අපි හැම දෙනාම
ශ්‍රි ලාංකිකයෝ හැටියට අපි ඉස්සරහට ගිහින් විරසක වෙලා ජාතික ආරක්ෂාව නැති වෙලා, රටේ සංවර්ධනය අඩාල වෙලා, ඔබට හෙට නිදහස් රටක් ලබා දිම අපගේ වගකිම, එ වාගේ නිරොගිමත් උගත් තරුණ පරපුරකට මේ රට භාර දිම අපගේ වගකිමයි. එ කාර්යය භාරය කිරිමේ සිංහලද දමිලද මුස්ලිම් ද කියලා නැ. ශ්‍රි ලාංකිකයෝ හැටියට අපි ඔවුන්ව ඉස්සරහට ගෙන යන්න කටයුතු කරන්න ඕනි.
අපි තරුණ කාලයේදි විප්ලවවාදි හඩක් එනකොට එ විප්ලවවාදි හඩේදි ධනෙෂ්වර පන්තියට එරෙහිව අභියෝග කරමින් නිර්දන පන්තිය නැගිට්ටුවා. ගමේ ඉන්න දුප්පත් , සමාජ අසාධාරණයට ලක් වුණ උදවිය උසි ගැන්වුවා. එක ජනතා විමුක්ති පෙරමුණ කියලා කතා කරලා රටේ භිෂණයක් තිබ්බා.