එන්නත්කරණය වේගවත් කිරීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිව ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරය කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දීර්ඝ කාලීනව ලොක්ඩවුන් කිරීම නිසා ඔස්ට්‍රේලියානු ජනතාවට අගමැති මොරිසන් එපාවීමේ තත්ත්වයක් උදාවී ඇති බව වාර්තා වෙයි.
රජය වෙත චෝදනා කරන ජනතාව ප්‍රශ්න කරන්නේ, "ඔවුන් සූදානම් නොවූයේ ඇයි? අපි සෑම දෙනාම ලොවපුරා වසංගතයෙන් සිදුවන දේ බලාගෙන සිටියා. එය සැබවින්ම නොහැකියාවක්" යනුවෙනි.
ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත බලධාරීන් සිඩ්නි නුවර ලොක්ඩවුන් තත්ත්වය එලැඹෙන සැප්තැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇත්තේ කොවිඩ්-19 වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය තවදුරටත් ශීඝ්‍රයෙන් පැතිර යන පසුබිමකය.
ගෙවීගිය පැය 24ක කාලයේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය විසින් ආසාදිතයන් 754ක් ඉක්මවා වාර්තා කර තිබේ.
කොරෝනා වසංගතයට ඔස්ට්‍රේලියාව නිරාවරණය වීම අනෙකුත් බොහෝ සංවර්ධිත ජාතීන් හා සසඳන විට කුඩා වන අතර, සමස්ත ආසාදිතයන් 41,400කට වැඩි සංඛ්‍යාවක් සහ මරණ 971ක් වාර්තා වී ඇත. නමුත් වේගයෙන් ගමන් කරන ඩෙල්ටා ප්‍රභේදය හමුවේ එන්නත්කරණය වේගවත් නොකිරීම ඔස්ට්‍රේලියාවේ විශාල දුර්වලතාවක් හෙළිදරව් කර තිබේ.
සිඩ්නි නගරය ඇතුළු කලාපය තුළ කෝපය වර්ධනය වෙමින් පවතින අතර මාස දෙකක අගුලු දැමීම දේශීය ව්‍යාපාරවලට එය දැඩි ලෙස බලපා ඇත. විශේෂයෙන්ම වර්තමාන අගුලු දැමීමේදී රජය කුඩා ව්‍යාපාර නොසලකා හැර ඇති බවට දැඩි චෝදනාවක් එල්ල වෙයි.
කෙසේ වෙතත් මේ වනවිට ඔස්ට්‍රේලියාවේ මිලියන 25ක ජනගහනයෙන් හරි අඩකටත් වඩා වැඩි ප්‍රමාණයක් කිසියම් ආකාරයක ලොක්ඩවුන් තත්ත්වයක් යටතේ ජීවත් වන අතර, ආර්ථික විද්‍යාඥයන් පවසන්නේ ජාතික ආර්ථිකය වසර ගණනාවක් තුළ එහි දෙවැනි අවපාතයට ඇද වැටීමේ අවදානමක පවතින බවයි.
කොවිඩ්-19 වසංගතයට ඔස්ට්‍රේලියාවේ ප්‍රතිපත්ති ප්රතිචාරයන් රාජ්‍ය හා ෆෙඩරල් වගකීම් මිශ්‍ර වෙමින් සිදුවන අතර, ජාතික එන්නත් වැඩසටහනේ සංවිධායකවරයා ලෙස මොරිසන්ගේ රජය බොහෝ චෝදනාවන්ට මේ වනවිටත් ලක්ව සිටියි.
එහිදී එන්නත් ලබාදීමේ යම් ආරම්භයක් සිදුකළද සමහර ප්රතිග්රාහකයින් අතර දුර්ලභ ලෙස රුධිර කැටි ගැසීම් ඇති වීම හේතුවෙන් රටේ ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ කොඳු නාරටිය ලෙස සැලකූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය පිළිබඳ සෞඛ්‍ය උපදෙස් වෙනස් වීමද එන්නත් ප්‍රමාද වීමට හේතු විය.
මේ සියලු චෝදනා මැද අගමැති මොරිසන් පවසන්නේ තමන් සහ තම රජය වසංගත තත්ත්වය තුළ ගනුලැබූ ක්‍රියාමාර්ග හේතුවෙන් මිනිසුන්ගේ රැකියාවන් සහ ව්‍යාපාරවල යම් බිඳ වැටීමක් තිබුණත්, ලෝකයේ සෑමතැනම සිදුවන මරණ වළක්වා ගැනීමට ඔස්ට්‍රේලියාවට හැකිවූ බවයි.