ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට තීරණය කළ බව විශ්වවද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රංජිත් විජේවර්ධන මහතා පවසයි.
විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ඊයේ (21දා) පස්වරුවේ පරිපාලන ගොඩනැගිල්ලට එකතුවී බලහත්කාරයෙන් එහි රැඳී සිටීමට ක්‍රියාකිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවත් නේවාසිකාගාරවල සිටින සියලුම සිසුන්ට අද (22දා) පෙරවරු 10.00ට පෙර නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස දැනුම්දී තිබෙන බවත් හෙතෙම සඳහන් කරයි.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඒ සඳහා විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලා සිටිමින් අදාළ ශිෂ්‍යයන් මෙලෙස පරිපාලන ගොඩනැගිල්ලේ රැඳී සිටීමට කටයුතු කර තිබේ.
