ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් නීති ක්ෂේත්‍ර‘යේ වෘත්තිකයන්ට පමණක් සීමා වන පරිදි මූලික වැටුප් හා දීමනා ඉහළ නැංවීම ඇතුළු රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ට බලපා ඇති වෘත්තීය ගැටලු සඳහා කඩිනමින් විසඳුම් නොදෙන්නේ නම් ජූලි මස 11 වැනිදා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් දියත් කරන බවට දීපව්‍යාප්ත සේවා විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අවධාරණය කරයි.
කොළඹ අද (25දා) පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා 35,000ක් පමණ විධායක නිලධාරීන්ගෙන් සැදුම්ලත් තම සංගමය විසින් පිළිබඳ ජනාධිපතිවරයාද දැනුවත් කර ඇති බවයි.
